Sunday, April 20, 2025
Home » O/L පංති ,සම්මන්ත්‍රණ ගැන විශේෂ දැනුම්දීමක් – A/L ප්‍රතිඵල මැයි අග

O/L පංති ,සම්මන්ත්‍රණ ගැන විශේෂ දැනුම්දීමක් – A/L ප්‍රතිඵල මැයි අග

by chanaka
April 25, 2024 8:22 am 0 comment

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව එදින මධ්‍යම රාත්‍රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන කටයුතු අත්හිටවනු ඇත.

එම නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 06වැනිදා සිට 15වැනිදා දක්වා පැවැත්විමට සැලසුම් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ පසුගියදා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස අග නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT