Home » ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැඩවලින් දෘශ්‍යාබාධිතයන්ට දැඩි පීඩා
ටැක්ටයිල් මඟ කෙළවර විදුලි කණුවක් සිටුවලා

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැඩවලින් දෘශ්‍යාබාධිතයන්ට දැඩි පීඩා

by sachintha
April 23, 2024 12:41 am 0 comment

ප්‍රධාන මාර්ගවල පදික වේදිකාවේ ස්පර්ශයෙන් මාර්ගය හඳුනා ගැනීමට උපකාරී වන (Tactile) අල්ලා තිබෙන්නේ දෘශ්‍යාබාධිත ප්‍රජාවගේ ගමන් පහසුව පිණිසය. සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් ලබාදීම වෙනුවෙන් මෙවැනි පහසුකම් ස්ථාපිත කිරීමට රජය මහජන මුදල් වැය කරන්නේ ඉන් දෘශ්‍යාබාධිත ප්‍රජාවට කිසියම් හෝ පහසුවක් සැලසේ යැයි සිතාය. එසේ වුවත් ඇතැම් නිලධාරීන්ගේ හා කොන්ත්‍රාත්කරුවන්ගේ අමනෝඥ තීරණ හේතුවෙන් මහජන මුදල් අපතේ යනවා පමණක් නොව ආබාධ සහිත පුද්ගලයන් ද අනතුරට පත් වන්නේය.

මහනුවර පුල්ලියාර් කෝවිල ඉදිරිපිටින් පේරාදෙණිය දක්වා ඇති මාර්ගය සෑම විටම ජනාකීර්ණ ස්වභාවයක් ගන්නේ පොලිසිය, පාසල් පමණක් නොව විශේෂඥ වෛද්‍ය පහසුකම් සලසන මධ්‍යස්ථාන ගණනාවක් ද ඒ ආසන්නයේ පිහිටීම නිසාය.

කෝවිල ආසන්නයේ සිට මහනුවර පැරණි වෙම්බ්ලි සිනමා ශාලාව දෙසට වන්න ඇති පදික වේදිකාවේ දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට පහසුවෙන් මාර්ගය සොයා ගැනීමට හැකි වන ලෙස ටැක්ටයිල් අල්ලා ඇත්තේ රාජ්‍ය ආයතනයක මැදිහත් වීමෙනි. ඒවා උපයෝගි කර ගනිමින් දෘශ්‍යාබාධිත පුද්ගලයකු ගමන් කළොත් ඔහුට හෝ ඇයට සිදුවන්නේ විදුලි කණුවක හැපී ගමන කෙළවර කර ගන්නටය. මහජන මුදල් කෝටි ගණනක් වැය කර සකස් කරන මේ ආකාර මාර්ගයක් විදුලි කණුවකින් කෙළවර කිරීමෙන් එම මඟ භාවිත කරන දෘශ්‍යාබාධිත ප්‍රජාව පත්වන අසීරුතාව රාජ්‍ය නිලධාරීන්ට නොතේරීම කනගාටුවට කරුණක් බව අයිතීන් උදෙසා අපි සංවිධානයේ සභාපති නිශා ෂරීෆ් මෙනවිය පැවසුවාය. නොදැනුවත්කමට සමාවක් දිය හැකි වුවද නොසැලකිලිමත්කමට සමාවක් දිය නොහැකි යැයි ද ඇය පැවසුවාය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT