යාපනයේ වඩමාරච්චි කරවෙට්ටි ප්‍රදේශයේ ඉඩමක තිබී බෝම්බ විදින තුවක්කුවක් භාවිතයෙන් විදිය හැකි අත්බෝම්බයක් පෙරේදා (21) හමු වී තිබේ.
මෙම බෝම්බය අත්බෝම්බයක් වශයෙන් භාවිත කළ හැකි අතර බෝම්බ විදින තුවක්කුවකට සවි කොට ඒ ආධාරයෙන්ද බෝම්බය ඈත ස්ථානයකට විදිය හැකි බව යාපනයේ ආරක්ෂක අංශ පැවසීය.
කරවෙට්ටි ප්‍රදේශයේ වැසියෙකු සිය ගෙවත්ත එළිපෙහෙළි කරමින් සිටියදී මෙම බෝම්බය හමු වී ඇති අතර පසුව මේ පිළිබඳව නෙල්ලිඅඩි පොලිසියට තොරතුරු දැනුම් දීමෙන් පසුව පොලිසිය පැමිණ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ සහාය ඇතිව බෝම්බය අදාළ ස්ථානයෙන් ඉවත් කොට තිබේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.
උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ