Sunday, April 20, 2025
Home » අද රෑ උතුරු අහසේ උල්කාපාත වර්ෂාවක්

අද රෑ උතුරු අහසේ උල්කාපාත වර්ෂාවක්

by yasara
April 22, 2024 4:22 pm 0 comment

ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (22) මධ්‍යම රාත්‍රියේ උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසයි.

වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂාට ප්‍රධාන ස්ථානයක් හිමිවන අතර  සෑම වසරකම අප්‍රේල් 15 සිට අප්‍රේල් 29 දක්වා සක්‍රීයව පවතී.

මෙම උල්කාපාත වර්ෂාව වීණාව කියන තාරකා රාශිය ආශ්‍රිතව දැකගත හැකි නිසාවෙන් ලයිරිඩ්ස් යනුවෙන් හඳුන්වන බව අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු ගිහාන් වීරසේකර මහතා පවසයි

මෙම උල්කාපාත වර්ෂාවේ දී පැයකට උල්කාපාත 20ක් පමණ නිරීක්ෂණය කළ හැකි වෙයි.

 අද රාත්‍රීයේ හෝ හෙට අලුයම උපරිම අවස්ථාවට පත්වෙයි.

 අද මධ්‍යම රාත්‍රියෙන් පසුව මේක නිරීක්ෂණය කළ හැකියි.

 පූර්ණ චන්ද්‍රයා අපිට දිස්වන නිසා ඒ නිසා මෙය නිරීක්ෂණය කරන්න හොඳම වෙලාව වෙන්නේ ‍අලුයම 4 – 5 දක්වා කාලයේ දී උතුරු දිශාව ආශ්‍රිතවය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT