පාසල් රග්බි සංගමය සංවිධාන කරන අවුරුදු 19න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය අද (20) සහ හෙට (21) දෙදින කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
මෙහිදී කණ්ඩායම් 19ක් ‘ඒ’ සිට ‘එච්’ ලෙස කාණ්ඩ 8කින් තරග වදින අතර, මේ තරගාවලියට වත්මන් ශූර කොළඹ ඉසිපතන විදුහල සමඟ බම්බලපිටිය සාන්ත පීතර, කොළඹ රාජකීය, මහනුවර විද්‍යාර්ථ, මහනුවර ධර්මරාජ, ගල්කිස්ස විද්‍යා, මොරටුව වේල්ස් කුමර, පිළියන්දල මධ්‍ය විදුහල, කොළඹ ලුම්බිණි, කුරුණෑගල මලියදේව, කොළඹ ආනන්ද, කොටහේන සාන්ත බෙනඩික්ට්, කොළඹ කේරි, ගාල්ල සාන්ත ඇලෝසියස්, පාණදුර ශ්‍රී සුමංගල, කටුගස්තොට ශ්‍රී රාහුල, ගාල්ල රිච්මන්ඩ්, කොළඹ නාලන්දා සහ පාදුක්ක සිරි පියරත්න විදුහල් එක්ව සිටී. මූලික වටයේ තරග ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර, සෑම කාණ්ඩයකින්ම කණ්ඩායම් දෙක බැගින් දෙවැනි වටයට එක් වෙයි. එම තරග පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට පැවැත්වේ.
මූලික වටයේදී ඉසිපතන සහ සාන්ත බෙනඩික්ට් ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින අතර, වේල්ස් කුමර සහ ශ්‍රී සුමංගල ‘බී’ කාණ්ඩයෙන්, ධර්මරාජ සහ ආනන්ද ‘සී’ කාණ්ඩයෙන්, රාජකීය, නාලන්දා සහ කේරී ‘ඩී’ කාණ්ඩයෙන්, ‘ඊ’ කාණ්ඩයෙන් විද්‍යා, ලුම්බිණි සහ රිච්මන්ඩ් තරග වැදීමට නියමිතය.
පිළියන්දල මැදි විදුහල, සාන්ත ඇලෝසියස් සහ සිරි පියරතන ‘එෆ්’ කාණ්ඩයෙන්, විද්‍යාර්ථ සහ ශ්‍රී රාහුල ‘ජී’ කාණ්ඩයෙන් සහ සාන්ත පීතර සමඟ මලියදේව ‘එච්’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙයි.
මේ තරගාවලිය ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වේ.