Wednesday, April 23, 2025
Home » බෝපැ­ත්තේ අවි­වා­හ­කයාගේ මරණය: මොට ආයු­ධ­ය­කින් පහ­ර දීමකින් කළ ඝාතනයක්

බෝපැ­ත්තේ අවි­වා­හ­කයාගේ මරණය: මොට ආයු­ධ­ය­කින් පහ­ර දීමකින් කළ ඝාතනයක්

by damith
April 20, 2024 1:16 am 0 comment

වේය­න්ගොඩ විශේෂ

ඌරා­පොළ බෝපැත්ත ප්‍රදේ­ශ­යේදී මිය­ගොස් සිටි­යදී හමුව ඇති අවි­වා­හ­ක­යාට මොට ආයු­ධ­ය­කින් පහර දීම හේතු­වෙන් සිදුව ඇති බහු­විධ තුවාල හේතු­වෙන් අධික ලෙස රුධි­රය වහ­නය වී මර­ණය සිදුව ඇති බව නිග­ම­නය කර­මින් වතු­පි­ටි­වල මූලික රෝහලේ අධි­ක­රණ නිල­ධාරී ඩබ්ලිව් ආර්.ඒ.ඇස්. රාජ­පක්ෂ මහතා පෙරේදා (18) පස්ව­රුවේ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පවත්වා වෛද්‍ය වාර්තාව ඉදි­රි­පත් කළේය.

එසේ ඝාත­නය කර තිබුණේ, ඌරා­පොළ බෝපැත්ත ප්‍රදේ­ශ­යේම පදිං­චිව සිටි සිරි­ලාල් කුමාර (50) නමැ­ත්තෙකි. මොහු මිතු­රකු සමඟ ඉකුත් 16 වැනිදා රාත්‍රී එකට මත්පැන් පානය කිරී­මෙන් අන­තු­රුව පසු­දින ඔහුගේ මෘත ශරී­රය එම ප්‍රදේ­ශ­යේම තිබී අත්ත­න­ගල්ල පොලි­සි­යට හමුව තිබිණ. පොලි­සිය සිද්ධිය අධි­ක­ර­ණ­යට වාර්තා කිරී­මෙන් අන­තු­රුව අත්ත­න­ගල්ල අංක 2 මහේ­ස්ත්‍රාත් මංජුල කරු­ණා­රත්න මහතා ඉකුත් 17 වැනිදා පස්ව­රුවේ මෘත ශරී­රය තිබූ ස්ථාන­යට ගොස් එය පරීක්ෂා කර බලා අවට ප්‍රදේ­ශය ද නිරී­ක්ෂ­ණය කිරී­මෙන් අන­තු­රුව පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පවත්වා වෛද්‍ය වාර්තාව ඉදි­රි­පත් කරන ලෙසට වතු­පි­ටි­වල අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රී­ව­ර­යාට නියම කර තිබේ.

මේ අනුව අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රී­ව­රයා පෙරේදා (18) පස්ව­රුවේ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පවත්වා ඉන් අන­තු­රුව අත්ත­න­ගල්ල පොලි­සියේ මඟ­පෙ­න්වීම යටතේ සිද්ධිය වූ ස්ථාන­යට ද ගොස් නිරී­ක්ෂණ කට­යුතු සිදු කර එසේ වෛද්‍ය වාර්තාව ඉදි­රි­පත් කළේය. අත්ත­න­ගල්ල පොලි­සියේ උප පොලිස් පරී­ක්ෂක ඇස්.ඒ. ජේ.පී. අම­ර­සේ­කර හා පොලිස් සැර­යන් ලිය­නා­රච්චි (12571) යන මහ­ත්වරු පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යට සහාය වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT