කුරුමිණියකු දෂ්ට කිරීමෙන් රෝගී වූ පුද්ගලයකු යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (18) මියගොස් තිබේ.
යාපනයේ පදිංචි 52 හැවිරිදි ෂන්මුගවේල් අරුන්සෙල්වම් නමැති මෙම පුද්ගලයාට නිවෙසේදී කුරුමිණියකු දෂ්ට කොට අති අතර, ස්වල්ප වේලාවකදී ඔහු දැඩි අසාත්මිකතාවයකින් පෙළී හුස්ම ගැනීමේ අපහසුවකට පත්ව ඇත. වහාම ඔහුව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇතත් ඔහු මියගොස් ඇත්තේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේය.
එම පුද්ගලයාට දෂ්ට කළ කුරුමිණියාව පවුලේ උදවියට හඳුනා ගැනීමට නොහැකි වී ඇති අතර, යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ට ද එම කුරුමිණියා සම්බන්ධයෙන් විශාල සැකයක් පහළ වී තිබේ. මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් යාපනය ශික්ෂණ රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී සතකුගේ විෂ ශරීර ගත වීම නිසා මෙම මරණය සිදු වූ බවට වාර්තා කොට ඇති අතර, මියගිය අයගේ ශරීර අභ්‍යන්තර කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කොළඹට යවා ඇත.