Monday, April 21, 2025
Home » කුරු­මි­ණි­යකු දෂ්ට කිරී­මෙන් පුද්ග­ල­යෙක් ජීවි­ත­ක්ෂ­යට

කුරු­මි­ණි­යකු දෂ්ට කිරී­මෙන් පුද්ග­ල­යෙක් ජීවි­ත­ක්ෂ­යට

ශරීර කොටස් වැඩි­දුර පරී­ක්ෂා­වට යවයි

by damith
April 20, 2024 1:19 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

කුරු­මි­ණි­යකු දෂ්ට කිරී­මෙන් රෝගී වූ පුද්ග­ල­යකු යාප­නය ශික්ෂණ රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී පෙරේදා (18) මිය­ගොස් තිබේ.

යාප­නයේ පදිංචි 52 හැවි­රිදි ෂන්මු­ග­වේල් අරු­න්සෙ­ල්වම් නමැති මෙම පුද්ග­ල­යාට නිවෙ­සේදී කුරු­මි­ණි­යකු දෂ්ට කොට අති අතර, ස්වල්ප වේලා­ව­කදී ඔහු දැඩි අසා­ත්මි­ක­තා­ව­ය­කින් පෙළී හුස්ම ගැනීමේ අප­හ­සු­ව­කට පත්ව ඇත. වහාම ඔහුව යාප­නය ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කොට ඇතත් ඔහු මිය­ගොස් ඇත්තේ ප්‍රති­කාර ලබ­මින් සිටින අත­ර­වා­ර­යේය.

එම පුද්ග­ල­යාට දෂ්ට කළ කුරු­මි­ණි­යාව පවුලේ උද­වි­යට හඳුනා ගැනී­මට නොහැකි වී ඇති අතර, යාප­නය ශික්ෂණ රෝහලේ වෛද්‍ය­ව­රුන්ට ද එම කුරු­මි­ණියා සම්බ­න්ධ­යෙන් විශාල සැක­යක් පහළ වී තිබේ. මිය­ගිය පුද්ග­ලයා සම්බ­න්ධ­යෙන් යාප­නය ශික්ෂණ රෝහලේ පැවැති පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යේදී සත­කුගේ විෂ ශරීර ගත වීම නිසා මෙම මර­ණය සිදු වූ බවට වාර්තා කොට ඇති අතර, මිය­ගිය අයගේ ශරීර අභ්‍ය­න්තර කොටස් වැඩි­දුර පරී­ක්ෂණ කට­යුතු සඳහා කොළ­ඹට යවා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT