Monday, April 21, 2025
Home » වෙ‍ෙළ­ඳ­සල් හිමි­ක­රුගේ පුතාගේ මුහු­ණ­ට‍ ­කුඩු වර්ග­යක් ගසා පවු­මක මාල­යක් අරන් දුවලා

වෙ‍ෙළ­ඳ­සල් හිමි­ක­රුගේ පුතාගේ මුහු­ණ­ට‍ ­කුඩු වර්ග­යක් ගසා පවු­මක මාල­යක් අරන් දුවලා

by damith
April 20, 2024 1:18 am 0 comment

අනු­රා­ධ­පුර සංචා­රක - සශිනි මධු­ෂානි
  • පස්සෙන් පැන්නු­වත් හොරා මාරු
  • හොරා අල්ලන්න පොලිස් කණ්ඩා­ය­මක් සීරු­වෙන්

රන් මාල­යක් මිලදී ගැනී­මට අවශ්‍ය බව පවසා රන්මාල කිහි­ප­යක් පරීක්ෂා කර බැලී­මට ඉල්ලා ගත් අව­ස්ථා­වේදී රන් භාණ්ඩ වෙළෙ­ඳ­සල් හිමි­ක­රුගේ පුත්‍ර­යාගේ මුහු­ණට, සුදු පැහැති කුඩු වර්ග­ය­කින් දමා ගසා දෙලක්ෂ හත­ළිස් දහ­සක් වටිනා රන්මා­ල­යක් කොල්ලකා පලා ගිය පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට විම­ර්ශ­න­යක් ආරම්භ කළ බව අනු­රා­ධ­පුර මූල­ස්ථාන පොලි­සිය පව­සයි.

අනු­රා­ධ­පුර මාකට් පෙදෙසේ රන් භාණ්ඩ වෙළෙ­ඳ­ස­ලක් පව­ත්වා­ගෙන යන පුද්ග­ල­යකු සිදු කළ පැමි­ණි­ල්ල­කට අනුව මෙම විම­ර්ශ­නය ආරම්භ කර තිබේ. රන් මාල­යක් මිලදී ගැනී­මට පැමිණි මෙම සැක­කරු මාල කිහි­ප­යක් පරීක්ෂා කර බැලී­මට ඉල්ලූ අව­ස්ථා­වේදී වෙළෙ­ඳ­සල තුළ පැමි­ණි­ලි­කරු, ඔහුගේ පුතා සහ වෙළ­ඳ­සල් සේව­ක­යකු සිට ඇති බවද සඳ­හන් වේ. කෙසේ වෙතත් මාලය මිලදී ගැනී­මට බව පව­ස­මින් පැමිණ සිටි පුද්ග­ලයා පවු­ම­කට වැඩි රන්මා­ල­යක් රැගෙන වෙළ­ඳ­ස­ලෙන් එළි­යට දිව ගිය අව­ස්ථා­වේදී අලෙ­වි­සලේ හිමි­ක­රුගේ පුත්‍රයා ඔහු පසු­පස දිව ගොස් තිබේ.

සැක­කරු පිටු­පස දුව­ගෙන ගොස් දැඩි පරි­ශ්‍ර­ම­යක් දරා ඔහු අල්ලා ගත් අව­ස්ථා­වේදී එම පුද්ග­ලයා කලි­සම් සාක්කු­වට අත දමා සුදු පැහැති කූඩු වර්ග­යක් රැගෙන එම පුත්‍ර­යාගේ මුහු­ණට දමා ගසා ඔහු­ගෙන් මිදී, යළි පලා ගොස් ඇති බව පොලි­සිය කියයි. සිද්ධි­යට සම්බන්ධ සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා අනු­රා­ධ­පුර මූල­ස්ථාන පොලි­සියේ නිල­ධාරී කණ්ඩා­ය­මක් වැඩි­දුර විම­ර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT