අමෙරිකාවේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැජන (Queen of the World) 2024 තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීම සඳහා තුෂාරි ජයකොඩි මහත්මිය ඊයේ (19) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය.
මේ තරගාවලිය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී හෙට (21) සිට 25 දින දක්වා ලෝකයේ රටවල් 33ක විවාහක රූ රැජනන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.
තුෂාරි ජයකොඩි මහත්මිය පසුගියදා පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගාවලියේ වයස අවුරුදු 50ට වැඩි කාණ්ඩයේ තරගයෙන් ජයග්රහණය හිමි කරගෙන මේ තරගාවලියට ඉදිරිපත් වීම සඳහා සුදුසුකම් ලැබුවාය. මීගමුව ප්රදේශයේ පදිංචි තිදරු මවක වන ඇය මැලේසියානු ගුවන් සේවිකාවක ලෙස සේවය කරමින් සිටියි.