Home » ජෛව විවි­ධත්ව දින­යට සම­ගා­මීව රැකව අභය භූමියේ කැස්බෑ සංර­ක්ෂ­ණ­යට පිය­වර

ජෛව විවි­ධත්ව දින­යට සම­ගා­මීව රැකව අභය භූමියේ කැස්බෑ සංර­ක්ෂ­ණ­යට පිය­වර

by damith
April 20, 2024 1:02 am 0 comment

නෙත්මි පූජනී රත්නා­යක

ජෛව විවි­ධත්ව දිනය යෙදී ඇති මේ මස 22 වැනි දිනට සම­ගා­මීව, රැකව අභය භූමියේ කැස්බෑ සංර­ක්ෂ­ණය ආශ්‍රිත සංචා­රක කට­යුතු ආරම්භ කිරී­මට වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සැල­සුම් කර ඇත.

රැකව අභය භූමිය කේන්ද්‍ර කර­ග­නි­මින් කපු­හේ­න්වල පිහිටි වන­ජීවී කාර්යා­ලයේ මූලි­ක­ත්ව­යෙන් කැස්බෑ සංර­ක්ෂණ වැඩ­ස­ට­හ­නක් ආරම්භ කර තිබේ. මෙම වෙරළ තීර­යට පැමි­ණෙන කැස්බෑ­වුන් දමනු ලබන බිත්තර අනා­ර­ක්ෂිත ලෙස පව­තින අව­ස්ථා­ව­ලදී එම බිත්තර බිජු­ලන ස්ථාන­යෙන් පරි­බා­හි­රව සංර­ක්ෂ­ණය සිදු­කර පැට­වුන් නිද­හස් කිරීම සිදු කෙරේ.

බිත්තර දැමී­මට ශ්‍රී ලංකා­වට එන කැස්‌බෑ විශේෂ පහ අත­රින් රැක­වදී හතර දෙනෙක්‌ම ප්‍රධාන වශ­යෙන් දැක­ගත හැකි වේ. ඒ කොළ කැස්‌බෑවා (Chelonia mydas), බටු කැස්‌බෑවා (Olive Ridley turtle), දාර කැස්‌බෑවා (Dermochelys coriacea), ඔළු­ගෙඩි කැස්‌බෑවා Logger-head Turtle (Caretta caretta) යන විශේ­ෂයි. දාර කැස්‌බෑවා මුහුදු කැස්‌බෑ­වන් අතර විශා­ල­තම කැස්‌බෑවා වේ. කැස්‌බෑ­වන් සාමා­න්‍ය­යෙන් තමන් උපන් වෙර­ළ­ටම බිත්තර දැමී­මට පැමි­ණීම සිරි­තකි.

රැකව වෙරළ තීරය ජාත්‍ය­න්තර වශ­යෙන් ප්‍රසි­ද්ධි­යට පත් වෙරළ තීර­යක් වන අතර කැස්බෑ නිජ­බි­මක් වශ­යෙන් ද ප්‍රසිද්ධ වී ඇත. ලංකාවේ කැස්‌බෑ­වන්ගේ පාරා­දී­සය විදි­හට සල­කනු ලැබේ. ලංකාවේ ප්‍රථම කැස්‌බෑ අභය භූමිය වන්නේත් රැකව අභය භූමිය වන අතර මේ අභය භූමියේ විශා­ල­ත්වය අක්‌කර 677ක්‌ වේ. කැස්බෑ­වන් සංර­ක්ෂ­ණය කිරීම ආශ්‍රි­තව සංචා­රක කර්මා­න්තය ඇති කීරීම සඳහා සුදුසු වට­පි­ටා­වක් පව­තින ප්‍රදේ­ශ­යක් ලෙස මේ වෙරළ තීරය හඳු­නා­ගෙන ඇත. ඒ අනුව සංචා­ර­ක­යන් සඳහා සංර­ක්ෂ­ණය කරන ලද කැස්බෑ පැට­වුන් මුහු­දට මුදා හැරීම, කැස්බෑ­වන් බිජු­ලන අවස්ථා සජී­වීව නිරී­ක්ෂ­ණය කිරීම, රාත්‍රී වෙරළ තීරයේ ගමන් කිරී­මට අව­ස්ථාව සලසා දීම හා කඳ­වුරු බිම් ඇති කිරීම සඳහා ඉදි­රියේ දී අව­ස්ථාව ලබා­දී­මට සැල­සුම් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT