ලුණුගල, හොප්ටන් ප්‍රදේශයේ දිය වළක දිය නෑමට ගිය පාසල් සිසුවකු දියේ ගිලීමෙන් පෙරේදා (18) මිය ගොස් ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පැරණි කර්මාන්තශාලා කොටස, 19 කණුව, හොප්ටන් යන ලිපිනයේ පදිංචිව සිටි හොප්ටන් විග්නේෂ්වරන් විද්‍යාලයේ ඉගෙනුම ලබන කිරුපාකරසන් විනෝජන් නමැති 16 හැවිරිදි සිසුවකු බවද පොලිසිය පැවසීය.
මෙම සිසුවා ඔහුගේ මිතුරන් පිරිසක් සමඟ නිවසට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටා ඇති මෙම දිය වළේ දිය නෑමට ගොස් දියට පැනීමේදී මෙම අනතුරට ලක්ව ඇති බවත් ඉන් පසුව ප්‍රදේශවාසින් එක්ව ඔහු ගොඩට ගෙන හොප්ටන් මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවට මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයිද පොලිසිය පවසයි.