Friday, April 18, 2025
Home » කැස්බෑ පැට­වුන් 82ක් සාග­ර­යට මුදා හැරීම පානම වෙරළ තීර­යේදී

කැස්බෑ පැට­වුන් 82ක් සාග­ර­යට මුදා හැරීම පානම වෙරළ තීර­යේදී

by damith
April 20, 2024 1:02 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත‍

ශ්‍රී ලංකා නාවික හමු­දාවේ කැස්බෑ සංර­ක්‍ෂණ ව්‍යාපෘ­තිය මඟින් සංර­ක්‍ෂ­ණය කරන ලද කැස්බෑ පැට­වුන් 82ක් සාග­ර­යට මුදා හැරීම පසු­ගි­යදා(16) ගිනි­කොන නාවික විධා­නයේ ආඥා­පති, රියර් අද්මි­රාල් තුෂාර කරු­ණා­තුං­ගගේ සහ­භා­ගි­ත්ව­යෙන් පානම වෙරළ තීර­යේදී සිදු කෙරිණි.

වඳ වී යන සත්ත්ව විශේ­ෂ­යක් ලෙස සැල­කෙන කැස්බෑ­වන් සංර­ක්‍ෂ­ණය කර සාගර පරි­සර පද්ධ­තියේ ‍ ජෛව විවි­ධ­ත්වය ආරක්‍ෂා කිරීම වෙනු­වෙන්, නාවික හමු­දා­පති වයිස් අද්මි­රාල් ප්‍රියන්ත පෙරේරා මහ­තාගේ උප­දෙස් මත නාවික හමු­දාව විසින් කැස්බෑ සංර­ක්‍ෂණ ව්‍යාපෘ­ති­යක් පවත්වා ගෙන යනු ලබන අතර, එම­ඟින් කැස්බෑ බිත්තර සංර­ක්‍ෂ­ණය කර ඉන් බිහි වන පැට­වුන් ආර­ක්‍ෂි­තව සාග­ර­යට මුදා හැරේ. මේ වන විට නාවික හමු­දාව විසින් පානම ප්‍රදේ­ශයේ කැස්බෑ සංර­ක්‍ෂණ මධ්‍ය­ස්ථා­න­යක් සහ වෙර­ළා­ර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුව විසින් බස්නා­හිර, දකුණ සහ නැඟෙ­න­හිර වෙරළ කලා­පය ආව­ර­ණය වන පරිදි කැස්බෑ සංර­ක්ෂණ මධ්‍ය­ස්ථාන පව­ත්වා­ගෙන යයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT