පොලිස් නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව හා දැඩි කැපවීම මත කටයුතු කිරීමෙන් මරණය පෙනී පෙනී සිටි සොරා ගත් ගැබ්බර එළ ගවයකු 18දා බේරා ගැනීමෙන් පසු ඌ ඊයේ රාත්‍රියේ පිරිමි වසු පැටවකු ප්‍රසූත කිරීම නිසා ජීවිත දෙකක් බේරා ගැනීමට හැකි වූ පුවතක් හොරණ මූලස්ථාන පොලිසියෙන් වාර්තා වේ. හොරණ වගවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු තම නිවසට මීටර් සීයක් පමණ දුරින් ඇති සුසාන භූමියක ගැට ගසා සිටි දෙලක්ෂ පනස් දාහක් පමණ වටිනා මේ ගැබ්බර එළ ගවයා පුද්ගලයන් දෙදෙනෙකු විසින් දහවල් කාලයේදී සොරාගෙන ගොස් තිබිණි.
පැමිණිල්ලට අනුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක පනාවල මහතාගේ උපදෙස් පරිදි වහාම ක්‍රියාත්මක වූ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරින් විසින් කළ විමර්ශනයේ දී එම ස්ථානයට මීටර් පන්සීයක් පමණ දුරින් පර්ත් පැරඩයිස් වතුයායේ මාවක් ඔය අසල කැලෑවක මේ ගවයා සඟවා ඇති බවට අනාවරණය කරගෙන තිබේ. පොලිසිය එම ස්ථානයට ළඟා වන විටත් එක් සැකකරුවකු ගවයා මස් කඩයට රැගෙන යෑමට ලොරිය එනතුරු බලා සිට ඇතැයි පොලිසිය පවසයි.පොලිසිය තව මොහොතක් හෝ පමා වූවානම් ගවයා ජීව ග්රහණයෙන් සොයා ගැනීමට නොහැකි වන බව පොලිසිය පවසයි. එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වගවත්ත ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.
අලුත උපන් පැටවා පොලිස් නිලධාරීන්ගේ ආදර සැලකිලි ලබමින් සුවෙන් පසුවෙන අතර පශු වෛද්‍ය නිලධාරීන් කැඳවා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමටද කටයුතු කළ බව පොලිසිය පැවසීය.