Home » තමන්ගේම පුංචි පුතු අප­යෝ­ජ­නය කළ තාත්තාට මාංචු

තමන්ගේම පුංචි පුතු අප­යෝ­ජ­නය කළ තාත්තාට මාංචු

by damith
April 20, 2024 1:02 am 0 comment

අනු­රා­ධ­පුර - සංචා­රක සශිනි මධු­ෂානි

වයස අවු­රුදු 4ක් වය­සැති තම පිරිමි දරු­වාට බර­ප­තළ ලිංගික අප­යෝ­ජ­න­යක් කළ වයස අවු­රුදු තිස් නව­යක, පියෙක් ගල්කි­රි­යා­ගම පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට පත්ව ඇත.

මෙලෙස අත්අ­ඩං­ගු­වට පත්ව ඇත්තේ, ගල්කි­රි­යා­ගම පොලිස් වසමේ ගොවි­තැන් හා වෙ‍ෙළ­ඳාම් කට­යුතු කරන පුද්ග­ල­යෙකි. නිතර ආර­වුල් ඇති කර ගැනීම හේතු­වෙන් දරු­වාගේ මව විසින් පුරු­ෂ­යාට විරු­ද්ධව දඹුල්ල අධි­ක­ර­ණයේ නඩු­වක් දමා මීට වසර හත­ර­කට පෙර ඔහු­ගෙන් වෙන්ව ජීවත්ව ඇති අතර, දරු­වාගේ අනා­ග­තය ගැන සිතා නැව­තත් ඇය සැමියා සමඟ ජීව­ත්වී­මට නිව­සට පැමිණ ඇති බව පොලි­සිය කියයි.

යලි පැමිණි අව­ස්ථා­වේ­දීත් එම සැමියා නිර­න්ත­ර­යෙන් බිරිය සමඟ අඬ­ද­බර කර ගැනීම හේතු­වෙන් කිහි­ප­ව­තා­වක් ඇය මහ ගෙද­රට ගිය අව­ස්ථාවේ දී එම පුරු­ෂයා පැමිණ තමා සහ දරුවා යලි රැගෙන ගිය බවද පැමි­ණිල්ලේ සඳ­හන් වේ.

මෙසේ ජීවත්ව සිටින අත­ර­වා­රයේ දී පුරු­ෂ­යාගේ හැසි­රීම් රටාවේ ලොකු වෙන­සක් දැක පැමි­ණි­ලි­කාර බිරිය ඒ සම්බ­න්ධ­යෙන් දැඩි විම­සි­ල්ලෙන් පසු­වන අව­ස්ථා­වක දී සැක­කාර සැමියා දරුවා, අප­යෝ­ජ­නය කිරීමේ සිද්ධිය දැන ගෙන මෙලෙස පැමි­ණිලි කර තිබූ බව පොලි­සිය කියයි.

මේ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන සිදු­කර සැක­කරු අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ බව පොලි­සිය සඳ­හන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT