196
මස්කෙළිය පොලිස් බල ප්‍රදේශයේ මවක හා පුතුන් දෙදෙනකු අතර ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යෑමෙන් පසුව එක් පුෙතකු විසින් එල්ල කරන ලද පොරෝ පහරකින් මව හා සහෝදරයා තුවාල ලබා මස්කෙළිය රෝහලට ඇතුළත් කර ඇත.
පහරදුන් පුද්ගලයා මේ වන විට මස්කෙළිය පොලිසිය විසින් සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ මොටින්හෑම් කොටසේ පදිංචි අවුරුදු 41ක් වයසැති පුද්ගලයෙකි. පොරෝ පහරින් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූ අවුරුදු 72ක් වයසැති කාන්තාව හා අවුරුදු 44ක් වයසැති පිරිමි පුද්ගලයා වැඩි දුර ප්‍රතිකාර සඳහා දික්ඔය ග්ලැන්කන් මූලික රෝහල වෙත යවා ඇත.