75
ආචාර්ය සෝමරත්න දිසානායක විසින් තිර රචනය කොට අධ්යක්ෂණය කරන ලද සිංහබාහු සිනමා සිත්තම EAP ප්රදර්ශන මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල ඊයේ (18) සිට ප්රදර්ශනය ඇරඹුණි. සිංහබාහු නිෂ්පාදනය, ගාමිණී වික්රමසිංහ සහ රේණුකා බාලසූරිය විසිනි.
මෙහි අඛිල ධනුද්දර, යශෝධා විමලධර්ම, දුෂේනි මියුරංගි, සජිත අනුත්තර, සිනෙති අකිලා, චන්දන වික්රමසිංහ, සහන් මානගේ ඇතුළු නළු නිළියෝ රැසක් රංගනයෙන් දායකවෙති. සිංහබාහු කැමරාකරණය විශ්වා බාලසූරියගෙනි.
වේශ නිරූපණය විදුර අභයදීරගෙනි. සංගීතය මහාචාර්ය සමන් පනාපිටිය වන අතර සහය අධ්යක්ෂණය චාමර සේලාර, කලා අධ්යක්ෂණය ජානක ප්රසාද්ගෙනි.