දේශීය හෝ විදේශීය පාර්සල ලැබීමක් දක්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS පණිවුඩයක් ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව තැපැල්පති එස්. ආර්.ඩබ්.එම්. ආර්.පී. සත්කුමාර මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ උපක්‍රමිකව සකස් කර ගත් ව්‍යාජ ජංගම දුරකතන අංක යොදා ගනිමින් මහජනතාව රවටන වංචාවක් සිදු වෙමින් පවතින බවයි.
ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ආදී නම් යොදා ගනිමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියද උපක්‍රමිකව වංචාවක් සිදු වෙමින් පවතින බව තැපැල්පතිවරයා එම නිවේදනය මගින් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කෙටි පණිවුඩ මගින් ණය කාඩ්පත් තොරතුරු විමසීමක් කිසිසේත් සිදු නොකරන අතර ණය කාඩ්පත් මගින් පාර්සල් සම්බන්ධ කිසිදු ගනුදෙනුවක් සිදු නොකරන බව තැපැල්පතිවරයා අවධාරණය කරයි.
ඒ හේතුවෙන් මහජනතාව වෙත ලැබෙන කෙටි පණිවුඩයක් සඳහා සිය ණය කාඩ්පත් දත්ත වෙබ් අඩවියකට හෝ කෙටි පණිවුඩයක් මගින් හෝ වෙනත් කිසිදු ආකාරයකින් ලබා දීම සිදු නොකරන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.