Home » නිග්ගහ ප්‍රාථමික විදුහලේ දරුවෝ අලුත් අවුරුද්ද සමරති

නිග්ගහ ප්‍රාථමික විදුහලේ දරුවෝ අලුත් අවුරුද්ද සමරති

by sachintha
April 17, 2024 1:00 am 0 comment

හොරණ අධ්‍යාපන කලාපයෙහි දුෂ්කර පාසලක් ලෙස සැලකෙන බුලත්සිංහල නිග්ගහ ප්‍රාථමික විද්‍යාලයේ වාර්ෂික අලුත් අවුරුදු උත්සවය පසුගිය දා ( 9) විද්‍යාලයීය භූමියේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි. පාසල් දරුවන් තුළ සාම්ප්‍රදායික හෙළ සිරිත් විරිත් පිළිබඳ අවබෝධයක් හා අධ්‍යයනයක් ලබාදීමේ අරමුණින් ගැමි ගෙදරක් ද පාසල් පරිශ්‍රයෙහි සූදානම් කර තිබුණි.
විදුහල්පති පී.එස්. ශාන්ත, විංග්ස් ලංකා පදනමේ සභාපති චම්පික ගුණසේකර, එච්.ජී. බන්දුලසේන , සුසිල් ප්‍රේමරත්න හා එම මහත්මිය ඇතුළු මාපියන්, ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍යයන් හා ආදි ශිෂ්‍යයන් ඇතුළු විශාල පිරිසක් මෙම බක්මහ උලෙළ සඳහා සහභාගි වී සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x