Home » මෝටර් රථ තුනක් එකිනෙක ගැටී තිදෙනෙක් රෝහලේ

මෝටර් රථ තුනක් එකිනෙක ගැටී තිදෙනෙක් රෝහලේ

by sachintha
April 17, 2024 1:00 am 0 comment

තංගල්ල – අම්බලන්තොට ප්‍රධාන මාර්ගයේ හුංගම කිවුල ප්‍රදේශයේ දී මෝටර් රථ තුනක් පෙරේදා (15) පස්වරුවේ එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව හුංගම පොලිසිය පවසයි.

අම්බලන්තොට දෙස සිට තංගල්ල දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් එක් මෝටර් රථයක් මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසට හැරී යෑමෙන් තංගල්ල දෙස සිට අම්බලන්තොට දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ දකුණු පස ගැටීමෙන් අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසයි.

එම මෝටර් රථයේ ගමන් ගත් තිදෙනෙක් තුවාල ලබා ඇත. තුවාලකරුවන් හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. අනතුරට ලක් වූ මෝටර් රථ දෙකක් තංගල්ල ප්‍රදේශයේ වන අතර අනතුර සිදුවන අවස්ථාවේ දී ප්‍රධාන මාර්ගයේ මී ගවයින් මාර්ගය මාරුවෙමින් සිටිය බවද වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය පරීක්ෂණ සිදු කරති.

 

ලුණම සමූහ – සනත් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x