Home » සර්වෝදය නිර්මාතෘගේ අවසන් ගමනට රාජ්‍ය ගෞරව

සර්වෝදය නිර්මාතෘගේ අවසන් ගමනට රාජ්‍ය ගෞරව

by chanaka
April 17, 2024 12:21 pm 0 comment

සර්වෝදය නිර්මාතෘ හා සම්මානිත සභාපති ආචාර්ය ඒ. ටී ආරියරත්නයන්ගේ දේහය මහජන ගෞරවය පිණිස අද (17) සවස 6.00ට සර්වෝදය මූලස්ථානයේ දම්සක් මැදුරේ තැන්පත් කිරීමට නියමිතය.

ඒ මහතාගේ දේහය අද (17) සිට ලබන සෙනසුරාදා (20) මධ්‍යහ්න දක්වා මහජන ගෞරවය පිණිස නො. 98, රාවතාවත්ත මොරටුව සර්වෝදය මූලස්ථානයේ දම්සක් මැදුරේ තැන්පත් කෙරෙනු ඇත.

අනතුරුව එදිනම සවස දේහය සර්වෝදය මූලස්ථානයේ සිට කොළඹ 7 නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට රැගෙන යාමට නියමිතය.

සර්වෝදය දැනුම් දී ඇත්තේ දේහය පිළිබද අවසන් කටයුතු, රාජ්‍ය ගෞරව සහිතව එදිනම සවස 4.00ට ආගමික වතාවත්වලින් අනතුරුව සිදුකිරීමට නියමිතවේ.

සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා ඊයේ (17) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණු ඒ මහතා මියයන 93 වැනි වියේ පසු වුණි.

1931 වසරේදී උපත ලද ඒ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස කලක් කටයුතු කළ ආරියරත්න මහතා 1950 දශකයේදී එතුමාගේ සංකල්පයකට අනුව බිහි කළ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය දශක 06ක් පුරා මෙරට සරණක් අවැසි ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කළ සංවිධානයකි.

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන සංවිධානය වන සර්වෝදය ව්‍යාපාරය වෙනුවෙන් දෙස් විදෙස් ඇගයීම් රැසකට ද ආරියරත්න මහතා පාත්‍ර විය.

ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන් මෙරට පිරිනැමෙන ඉහළම සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය ඔහුට පිරිනැමෙන්නේ 2007 වසරේදීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT