Home » රුසියානු-යුක්රේන අර්බුදය නිමා කළ හැක්කේ දේශපාලන විසඳුමකින් පමණයි – චීනය අවධාරණය කරයි

රුසියානු-යුක්රේන අර්බුදය නිමා කළ හැක්කේ දේශපාලන විසඳුමකින් පමණයි – චීනය අවධාරණය කරයි

by chanaka
April 13, 2024 7:22 am 0 comment

දේශපාලනමය විසඳුම යුක්රේන අර්බුදය සමථයකට පත් කිරීමට ඇති එකම මාර්ගය බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ගෙං ෂුවං මහතා පවසයි. මේ සම්බන්ධයෙන් 11 වැනිදා ආරක්ෂක මණ්ඩලයේ පැවති සමාලෝචන රැස්වීමක දී ඔහු මේ බව සඳහන් කළේ ය.

දේශපාලන විසඳුමක් සඳහා පළමු පියවර තැබීමට සෘජු සංවාදයක් පවත්වන ලෙස චීනය නැවත වරක් අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු කියා සිටියේය. ජාත්‍යන්තර ප්‍රජාව ඊට මැදිහත්වීමේ ප්‍රයත්න පුළුල් කළ යුතු අතර, අදාළ පහසුකම් නිර්මාණය කළ යුතු බවත් ගෙං ෂුවං මහතා පෙන්වා දී ඇත.

මේ අතර, පවතින අර්බුදය සම්බන්ධයෙන් ඵලදායී සංවාදයක යෙදීමට රුසියාව කැමැත්තෙන් සිටින නමුත් යථාර්ථවාදී නොවන කොන්දේසි පැනවීම ප්‍රතික්ෂේප කරන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා පවසා ඇත. යුක්රේනය සාකච්ඡා ප්‍රතික්ෂේප කර යුද පිටියේ දී රුසියාව පරාජය කිරීමට උත්සාහ කළ බවත්, එය කළ නොහැකි බව තේරුම් ගෙන ඇති ඔවුන් දැනට ඉතා දුෂ්කර තත්වයකට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT