599
ජාතික රූපවාහිනිය, සිය රාත්‍රී 08 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ කොටසක් ලෙස කෘත්‍රිම බුද්ධිය මගින් ජනනය කරන ලද ඉදිරිපත් කරන්නෙකු ඊයේ(11) භාවිතා කර තිබුණි.
ජාතික රූපවාහිනිය විසින් කෘත්‍රිම බුද්ධිය (AI) විසින් ජනනය කරන ලද රූපවාහිනී ඉදිරිපත් කරන්නෙකු භාවිතා කර අලුත් අවුරුද්දේ නැකැත් වේලාවන් පිළිබඳ ඉදිරිපත් කිරීම සිදු කරන ලදි.
නව AI රූපවාහිනී ඉදිරිපත් කරන්නා හඳුන්වා දෙමින්, ප්‍රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ ප්‍රවෘත්ති නිවේදකයා නිවේදනය කළේ මෙම නව AI නිවේදකයාව තවමත් නම් කර නොමැති අතර මින් පෙර කිසිදා නොදුටු චරිතයක් බැවින් ඔහු නිර්නාමික බවයි.