Home » අස්වැසුමට තව පවුල් 182,140ක් සුදුසුකම් ලබති ගෙවීම් 18වැනිදා වනවිට ගිණුම්වලට
අභියාචනා-විරෝධතා සලකා බැලීමෙන් පසු

අස්වැසුමට තව පවුල් 182,140ක් සුදුසුකම් ලබති ගෙවීම් 18වැනිදා වනවිට ගිණුම්වලට

by sachintha
April 11, 2024 3:04 am 0 comment

අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා තිබෙන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඔවුන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලු ගෙවීම් මේ මස 18 වැනිදා වන විට ගිණුම්ගත කිරීමට කටයුතු කරන බව පවසන ඒ මහතා ඒ අනුව දැනට 1,854,000ක් අස්වැසුම ප්‍රතිලාභ ලබාගන්නා අතර රුපියල් බිලියන 58.5ක මුදලක් ඒ වෙනුවෙන් රජය වැය කරන බව ද කියයි.

මේ අතර අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සියලු සුදුසුකම් සම්පූර්ණ කළ පවුල් 200,000ක් පමණ මෙතෙක් සිය බැංකු ගිණුම් ආරම්භ කර ඊට අදාළ තොරතුරු යාවත්කාලීන කිරීමට අපොහොසත් වී ඇතැයි හෙතෙම පවසයි.

ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සහ ජනමාධ්‍ය මඟින් දැනුවත් කිරීම සිදු කළ ද මෙතෙක් එම පවුල්වල සාමාජිකයන්ගෙන් ප්‍රතිචාර නැති බව පවසන ඒ මහතා අස්වැසුම දෙවැනි අදියර සඳහා අයැදුම්පත් 400,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ද ඉන් 286,000ක් පමණ මේ වන විට පද්ධතියට ඇතුළත් කර ඇති බව ද කියා සිටී.

ඊට අදාළ සංගණන කටයුතු මැයි මස ආරම්භ කිරීමට නියමිතව තිබෙන අතර අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනට පවුල් ලක්ෂ 24ක් ඇතුළත් කර ගැනීමට රජය අපේක්ෂා කරන බව ද මෙවර අය-වැය මඟින් ඊට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 205ක් බව ද හෙතෙම සිහිපත් කරයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT