ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 2024 ICC කාන්තා T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයට සහභාගී වීම සඳහා 15 දෙනෙකුගෙන් යුත් ජාතික කාන්තා සංචිතය තෝරා ගෙන තිබේ.
තරගාවලිය අප්‍රේල් 25 සිට මැයි 7 දක්වා අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතය.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් සංචිතය අනුමත කර ඇති බව සඳහන්වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සිට සෘජුවම අබුඩාබි වෙත ළඟා වන අතර, එම කණ්ඩායම මේ වන විට white ball සංචාරයක නිරත වෙමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
ඒ අනුව නම් කර ඇති සංචිතය පහතින්,
චමරි අතපත්තු – නායිකා
විශ්මි ගුණරත්න
නිලක්ෂි ද සිල්වා
හර්ෂිත සමරවික්‍රම
කවිෂා දිල්හාරි
හසිනි පෙරේරා
අනුෂ්කා සංජීවනී
උදේශිකා ප්‍රබෝධනී
ඉනෝකා රණවීර
අචිනි කුලසූරිය
හංසිමා කරුණාරත්න
කාව්‍යා කාවින්දි
ඉනෝෂි ප්‍රනාන්දු
සුගන්දිකා කුමාරි
සෂිනි ගිම්හානි