Home » පාදුක්ක සමෘද්ධි අභිමානි අලුත් අවුරුදු පොළ

පාදුක්ක සමෘද්ධි අභිමානි අලුත් අවුරුදු පොළ

by sachintha
April 11, 2024 2:55 am 0 comment

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පාදුක්ක සමෘද්ධ ප්‍රජා මූල බැංකුව එක්ව සංවිධානය කළ ‘සමෘද්ධි අභිමානි අලුත් අවුරුදු පොළ 2024’ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් සුගත් සිසිර කුමාර, කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ අශෝක කුමාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) දින පාදුක්ක සතිපොළ භූමියේදී පැවැත්වුණි.

මෙහිදී පාදුක්ක, පිටුම්පේ, ලියන්වල, තුම්මෝදර යන සමෘද්ධි බැංකුවල ව්‍යවසායකයන් විසින් නිෂ්පාදනය වන, පැළ වර්ග, පලතුරු, රස කැවිලි, මල් වර්ග හා නිමි ඇඳුම් ආදී තවත් නිෂ්පාදන රැසක් අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබිණි.

එම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ අශෝක කුමාර, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් සුගත් සිසිර කුමාර, සහකාර ප්‍රාදේශීය ලේකම් මධූකා ආර්. වීරක්කොඩි, මූලස්ථාන කළමනාකාර අනෝමා පත්බේරිය, ව්‍යාපෘති කළමනාකාර කුමාරි ගුණවර්ධන, සමෘද්ධි බැංකු කළමනාකාර අජිත් නන්දන, එස්. ආර්. ප්‍රේමරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු සමෘද්ධි බැංකු කළමනාකරුවන්ද, සමෘද්ධි නිලධාරීහුද, සමෘද්ධි ලාභීන්ද සහභාගි වූහ.

 

පාදුක්ක සමූහ

රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT