Home » වටරැක කනිෂ්ඨයේ අවුරුදු උලෙළ දා

වටරැක කනිෂ්ඨයේ අවුරුදු උලෙළ දා

by sachintha
April 11, 2024 2:50 am 0 comment

හෝමාගම අධ්‍යාපන කලාපයේ වටරැක කනිෂ්ඨ විද්‍යාලයේ දරු දරියන්ගේ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය විදුහල් ක්‍රීඩා පිටියේදී ඊයේ (10) දින පැවැත්වුණි.
මෙහිදී අලියට ඇස තැබීම, කොට්ට පොර, මල් ඇමිනීම, දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන ඇවිදීම, රබන් ගැසීම, කණා මුට්ටිය බිඳීම, ඇතුළු තවත් ක්‍රීඩා රැසක් සංවිධානය කර තිබූ අතර, එම තරග විදුහලේ 3 – 4 – 5 ශ්‍රේණිවල සිසු දරු දැරියෝ ඉතාමත් උද්‍යෝගයෙන් සහභාගිවී සිටියහ.
පාසලේ දරුවන්ට සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර හුරුපුරුදු කිරීමේ අරමුණින්, විදුහල්පති අශෝකා මාලනී මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සංවිධානය කර තිබිණි.
එම අවස්ථාවට විදුහල්පති අශෝකා මාලනී මහත්මිය ඇතුළු විදුහලේ ආචාර්ය මණ්ඩලයද, ආරාධිත අමුත්තෝද, ආදි සිසූහුද, සිසු දරු දැරියෝද, ඔවුන්ගේ මව්පියෝද, සහභාගි වූහ.
පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT