Home » පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රථගාලේ වාහනවලට ඉඩ නෑ

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රථගාලේ වාහනවලට ඉඩ නෑ

by sachintha
April 11, 2024 2:58 am 0 comment

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ, රථ වාහන නවතා තැබීමට ඇති ස්ථානයේ, ප්‍රදේශයේ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන අලෙවි කුටි ඉදිකිරීම නිසා, තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ජනතාව පවසති.

මෙලෙස රථ වාහන තැබීම සඳහා වෙන්කර ඇති ස්ථානය වෙනත් අවශ්‍යතාවන් සඳහා ප්‍රයෝජනයට ගැනීමෙන්, තම රථ වාහන මාර්ගය දෙපස නවතා ගැනීමට සිදුවීම නිසා, මාර්ගයේ රථවාහන තදබදයක්ද, පොලිස් නිලධාරීන්ගේ නියෝගවලට හිස නැමීමට සිදු වී ඇතැයි ඔවුහු පවසති. මෙලෙස රථගාල අවහිරවූ අවස්ථාවක ආරක්ෂක හේතුන් මතයැයි පවසා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයට රථවාහන ඇතුළු කිරීමටද ආරක්ෂක නිලධාරීන් ඉඩ ලබා නොදෙන බවද ඔවුහු පවසති.

මෙවැනි තත්ත්වයක් මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සේවාවන් ඉටුකර ගැනීමට පැමිණෙන, ප්‍රදේශයේ ජනතාවගේ රථ වාහන නවත්වා තබා ගැනීම සඳහා වෙන්කර ඇති ස්ථානය අවහිර නොවීමට වගකිවයුතු අංශවල අවධානය යොමු විය යුතු යැයි ජනතාව පවසති.

පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT