Home » නාවික හමුදා අවුරුදු පොළ වැලිසරදී

නාවික හමුදා අවුරුදු පොළ වැලිසරදී

by sachintha
April 11, 2024 2:57 am 0 comment

සියලුම නාවික හමුදා සාමාජිකයන්ගේ සහ නාවික පවුල්වල සුභසාධනය වෙනුවෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරනු ලබන 2024 අලුත් අවුරුදු පොළ විවෘත කිරීම, සේවා වනිතා ඒකකයේ සභාපතිනි මාලා ළමාහේවා මහත්මියගේ ආරාධනයෙන්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ‍මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) වැලිසර නාවික සංකීර්ණයේදී සිදු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාපතිවරයා විසින් සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමේ චාරිත්‍රයෙන් අනතුරුව, සේවා වනිතා අවුරුදු පොළ විවෘත කිරීමෙන් අනතුරුව, නාවික හමුදාපතිවරයා සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් අවුරුදු පොළෙහි වෙළද කුටි නිරීක්ෂණය කිරීම සිදු කෙරිණි.

තවද, ඊයේ (10) දවස පුරා පැවැත්වූ නාවික හමුදා සේවා වනිතා අවුරුදු පොළ මඟින් නාවික හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට මෙන්ම, නාවික සිවිල් සේවක මහත්ම මහත්මීන්හට ද ඉතා සහනදායී මිලකට පරිභෝගික භාණ්ඩ ලබා ගැනීමේ අවස්ථාව හිමි වුණි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, ධජ නිලධාරීන් ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ හා බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන් ඇතුළු සේවා වනිතා සාමාජිකාවන්, ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ කාන්තා නිලධාරීන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT