Home » දින පොත් මුද්‍රණයට තිබූ මුදලින් පොලිස් රෝහලේ වාට්ටුවක් නවීකරණය කරයි

දින පොත් මුද්‍රණයට තිබූ මුදලින් පොලිස් රෝහලේ වාට්ටුවක් නවීකරණය කරයි

by sachintha
April 11, 2024 2:56 am 0 comment

උත්සවය පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන්

පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය මගින් පරීක්ෂක ශ්‍රේණියේ නිලධරයන් වෙත වාර්ෂිකව පිරිනමන දින පොත් මුද්‍රණය කිරීම සඳහා මෙම වර්ෂයේ වැය කිරීමට නියමිත මුදල් යොදා නාරාහේන්පිට පොලිස් රෝහලේ නවීකරණය කරන ලද වාට්ටු අංක 06 භාරදීමේ උත්සවය පෙරේදා (09) පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට පොලිස් රෝහලේදී පැවැත්විණි.

එහිදී පොලිස් පරීක්ෂක සංගම මගින් මෙම නවීකරණය කරන ලද වාට්ටුව සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂ 98කට අධික වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ ඇතුළු උපාංග ලබා දීම සිදු කරන ලදී.

රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්ට ඉතා ප්‍රයෝජනවත් වන ආකාරයට වාට්ටුව නවීකරණය කිරීමට හා වෛද්‍ය උපකරණ ලබා ගැනීම වාර්ෂික දිනපොත් මුද්‍රණයට වැය වන මුදලින් සිදුකර තිබේ.

ඒ අනුව ඉදිරියටත් මෙම ආකාරයට මෙවැනි සුබසාධන කටයුතු සිදු කිරීමට පොලිස් පරික්ෂකවරුන්ගේ සංගමය බලාපොරොත්තුවේ.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සහායක සේවා) රාජිත ශ්‍රී දමින්ද, නියෝජ්‍ය පොලිස්පති (සුබසාධන දිසාව) ඩබ්ලිව්. ජේ. පද්මිණි) පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී. සී. බමුණුආරච්චි, අධ්‍යක්ෂ (වෛද්‍ය) වෛද්‍ය චාමේන්ද්‍ර රණසිංහ, පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති පොලිස් පරීක්ෂක ප්‍රගීත් ප්‍රේමසිරි, හා එහි ලේකම් කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලනී දිසානායක යන මහත්ම මහත්මීහූ එක් වූහ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT