Home » කොළඹ ඩඩ්ලි සේනානායක විදුහල් සංවත්සර සැමරුම ජයටම

කොළඹ ඩඩ්ලි සේනානායක විදුහල් සංවත්සර සැමරුම ජයටම

by sachintha
April 11, 2024 3:55 am 0 comment

කොළඹ 05 ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ 46 වන සංවත්සර සැමරුම් උත්සවය හා ඊට සමගාමීව විද්‍යාලයේ ඉදි කිරීමට නියමිත නව තෙමහල් ගොඩනැඟිල්ලට මුල්ගල් තැබීම ඇතුළු සංවත්සර සැමරුම් වැඩසටහන් කිහිපයක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහල්පති උලපනේ සුමංගල හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා පරිදි පසුගියදා පැවැත්විණි.

ඉදිකිරීමට නියමිත නව තෙමහල් ගොඩනැඟිල්ලට මුල්ගල් තැබීම හා විද්‍යාලයේ ස්ථාපිත කෙරුණු සූර්ය විදුලිබල පද්ධතිය, ස්ටීම් මධ්‍යස්ථානය,ලමා උපකාරක මධ්‍යස්ථානය,සුව පියස යන අංශ සිසු අයිතියට පත් කිරීම ද මෙහි දී සිදු කෙරුණි. ඊට අමතරව සංවත්සර සැමරුමට සමගාමීව සංවිධානය කර තිබුනු “සේනාභිමන්”අධ්‍යාපන හා තාක්ෂණ ප්‍රදර්ශනය විවෘත කිරීම ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම උත්සවය හා වැඩසටහන් මාලාව සදහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී. ආර්. දේවබන්දු මහතා, රාජ්‍ය නිලධාරීන්,පෞද්ගලික අංශයේ නිලධාරීන්,

දෙමාපියන්, ගුරුවරගුරුවරින්, පාසල් සංවර්ධන සමිතියේ නිලධාරීන්,

ආදි සිසුන්, අධ්‍යාපනය ලබන සිසුසිසුවියන්, ආරාධිත පාසල්වල සිසුසිසුවියන් ගුරුවරුන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

මීගොඩ

බී. කේ. කත්‍රිආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT