ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනතාව ගෙවුණු දුෂ්කර අවස්ථාවන්හි මෙන්ම රට යහපත් මට්ටමට ළඟා වෙමින් තිබෙන මේ අවස්ථාවේ පවා උපවාසයේ යෙදෙමින් සමාජයට යහපත ප්‍රාර්ථනා කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය රාමසාන් දින පණිවිඩයෙන් කියා සිටියි. ජනාධිපතිවරයාගේ රාමසාන් පණිවිඩයේ මෙසේ ද සඳහන් වේ. ලොව වෙසෙන ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස කරනුයේ තමන් වෙතද, අනුන් වෙත ද යහපත උදාකර දීමේ අරමුණ ඇති වේ. ආදියේ සිට පැවත එන මේ සද්සිරිත අනුගමනය කිරීමෙන් ජීවිතය දැහැමි කරගත හැකි බව ශුද්ධ වූ කුරානයේ පෙන්වා දී තිබේ. උපවාස සමයෙන් පසු ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් භක්තිකයන් රාමසාන් සමරනුයේ පවතින අපේ රට වඩාත් යහපත් මට්ටමක් කරා ළඟා වෙමින් පවතින කලකදීය. ගෙවුණු කාල දුෂ්කර ආගම් සීමාවන්හි දී පවා, වර්තමාන චාරිත්‍රානුකූලව උපවාසයේ යෙදෙමින් ඔබටත්, සමාජයටත් යහපත ප්‍රාර්ථනා කරයි.
මුස්ලිම් ජනතාව මාසයක් පුරා උපවාස කරන්නේ තමාටත් අනුන්ටත් යහපත උදාකිරීමටයි – රාමසාන් දින පණිවිඩයෙන් ජනපති කියයි
by sachintha
April 11, 2024 3:12 am
0 comment
261
මීලඟ පුවත