අවිස්සාවේල්ල පොලිස් වසමේ මනමේන්ද්‍ර මාවතේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටි යුවළක් අතරින් තරුණියක් අභිරහස් ලෙස මියගොස් තිබේ.
ඊයේ (10) සවස හෝටලයේ නවාතැන් ගෙන සිටි යුවළක් අතරින් කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
එලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි වලපනේ ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
මියගිය තරුණිය පුද්ගලයෙකු සමග ඊයේ සවස අදාළ හෝටලයට පැමිණ එහි කාමරයක නවාතැන්ගෙන ඇති අතර, ඊට ටික වේලාවකට පසුව ඇය සමග සිටි පුද්ගලයා විසින් තරුණිය සිහිසුන්ව වැටී සිටින බවට හෝටල් කළමනාකාරීත්වය දැනුවත් කර තිබේ.
පසුව සිදුකළ දැනුම්දීමක් මත පොලීසිය එම ස්ථානයට පැමිණ තිබු අතර අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.