Home » මහනුවර නගරයට පැමිණෙන ජනතාවට පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළෙඳසල් 12කට නඩු 55කට රතු නිවේදන

මහනුවර නගරයට පැමිණෙන ජනතාවට පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළෙඳසල් 12කට නඩු 55කට රතු නිවේදන

by sachintha
April 10, 2024 1:53 am 0 comment

අලුත් අවුරුදු සමයේ මහනුවර නගරයට පැමිණෙන ජනතාවට පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ හෝටල්, ආපන ශාලා හා වෙළෙඳ සල් 12කට නඩු පවරා තවත් 55ට අවසන් රතු නිවේදන නිකුත් කිරීමට මහනුවර මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මහනුවර හා කටුගස්තොට නගරවල හෝටල්, ආපනශාලා හා වෙළෙඳ සල් පරීක්ෂා කිරීමේ දී අලෙවි කිරීමට සහ වෑංජන සකස් කිරීමට සූදානම් කර තිබූ නරක් වූ අල, ලූනු, වම්බටු ඇතුළු මිනිස් පරිභෝජනයට නුදුසුදු ආහාර ද්‍රව්‍ය කිලෝ 500ක පමණ ප්‍රමාණයක් දෙපාර්තමේන්තුවට භාරයට ගත් බව මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා කීය.

නිසි ක්‍රමවේදයන්ට අනුව ගබඩා කර නොතිබූ මාගරින් හා සෝසේජස් තොයක් ද විනාශ කිරීමට සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. කටුගස්තොට ප්‍රදේශයේ තොග වෙළෙඳ සැලක් පරීක්ෂා කිරීමේ දී එහි උම්බලකඩ අසුරා තිබූ ගෝනියේ මීයන් සිටි බව වැටලීම සිදුකළ මහජන පරීක්ෂකවරු පැවසූහ.

කොත්තු දැමීම සඳහා සකස් කර තිබූ ප්ලේන් රොටි තොගයක් ආපන ශාලාවේ මේසය පිස දමන රෙදි කැබැල්කින් ඔතා තිබිය දී සොයා ගත් බව බවත් නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පසන් ජයසිංහ මහතාගේ උපදෙස් මත ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.කේ. දයාරත්න, මහජන පරීක්ෂකවරුන් වන දර්ශන අබේසිංහ, කසුන් දසනායක, චන්දන වික්‍රමසිංහ, මොහොහඩ් අස්මීර්, මොහොමඩ් රෂීඩ්, රුක්මන් ප්‍රසන්න යන අය මෙම වැටලීමට එක්ව ඇත.

අසේල කුරුළුවංශ හා මධ්‍යම පළාත් සංචාරක එල්.එස්. එගොඩවිට

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT