Home » ගෝලීය උණුසුම මාර්තුවේදී වාර්තාගත මට්ටමකට

ගෝලීය උණුසුම මාර්තුවේදී වාර්තාගත මට්ටමකට

by sachintha
April 10, 2024 1:50 am 0 comment

මුහුදු මතුපිට උෂ්ණත්වය අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී ගෝලීය උණුසුම වාර්තාගත අයුරින් ඉහළ ගිය බව යුරෝපීය දේශගුණික නිරීක්ෂණ ඒජන්සිය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය ගෝලීය උණුසුම අඛණ්ඩව ඉහළ ගිය 10 වැනි මාසය බව ද යුරෝපීය දේශගුණික නිරීක්ෂණ ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

පසුගිය මාසයේදී ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 14.14ක සාමාන්‍ය අගයක් ගත් බවත්, එය 2016 වසරේ උණුසුමට වඩා සෙල්සියස් අංශක 10ක වැඩිවීමක් බවත් එම ඒජන්සිය සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම මාර්තු මාසයේ ගෝලීය උණුසුම ලොව ඉහළම උණුසුමක් වාර්තා වූ මාර්තුව බව ද එහි සඳහන් වේ. ඒ අනුව මේ වන විට සමස්ත ලෝකය වේගවත් දේශගුණික විපර්යාසයක නව යුගයක් කරා යොමු විය හැකි බවට ද යුරෝපීය දේශගුණික නිරීක්ෂණ ඒජන්සිය අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT