Home » ඇබර්ඩීන් සමූහයේ, ‘ස්නේහදාන පදනමෙන්’ සරණක් ඇවැසි අයට පිහිට

ඇබර්ඩීන් සමූහයේ, ‘ස්නේහදාන පදනමෙන්’ සරණක් ඇවැසි අයට පිහිට

by sachintha
April 10, 2024 1:57 am 0 comment

රට තුළ පවතින දැඩි ආර්ථික දුෂ්කරතා හමුවේ සරණක් අවැසිව සිටින ජනතාව වෙත සහනයක් සැලසීමේ උදාර අරමුණින් යුතුව ‘ස්නේහදාන පදනම’ නමින් නව වැඩසටහනක් ආරම්භ කිරීමට ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් (Aberdeen Holdings) සමූහය, පසුගියදා පියවර ගත්තේය. සමාජ සුබසිද්ධිය වෙනුවෙන් අර්ථාන්විත සහ ස්ථීර දායකත්වයක් සපයන ස්නේහදාන පදනමේ පළමු ව්‍යාපෘතිය ලෙස කොළඹ 3, 17 වැනි පටුමඟේදී ස්නේහදාන ප්‍රජා මුළුතැන්ගෙය ආරම්භ කෙරුණි. වර්තමානයේ රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින 100කට වැඩි අසරණ පුද්ගලයින් වෙත සතියේ දිනවලදී පෝෂ්‍යදායී රාත්‍රී ආහාර වේලක් ලබා දීමට ස්නේහදාන ප්‍රජා මුළුතැන්ගෙය කටයුතු කරයි. රට තුළ පවතින ආහාර හිඟතාව මැඬලීමට දායකත්වයක් සැපයීම එහි අරමුණයි.

අනුබද්ධිත සමාගම් 14ක් සහ 1,300කට වැඩි සමස්ත කාර්ය මණ්ඩලයකින් හෙබි ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහය තම මානුෂීය සත්කාර වැඩසටහන් ඉහළ නැංවීමට මේ වන විට කටයුතු කරමින් සිටියි. ඒ අනුව ඉදිරියේදී තවත් ප්‍රජා මුළුතැන්ගෙවල් විවෘත කිරීමටත් ආපදා අවස්ථා ඉලක්ක කරගත් ආහාර සැපයීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් එමෙන්ම අධ්‍යාපනික, මාතෘ සෞඛ්‍යය සහ රෝහල් වෙනුවෙන් විශේෂ ආහාර වැඩසටහන් ඇරඹීමටත් සමූහය සැලසුම් කර තිබේ.

ඇබර්ඩීන් සමූහයේ සමාජ සත්කාර ව්‍යාපෘති පිළිබඳ දැනුවත් වීමට මහජනතාවට අවකාශ සලසමින් ස්නේහදාන පදනමේ වෙබ් අඩවිය ද පසුගියදා ඇබර්ඩීන් සමූහයේ අධ්‍යක්ෂ ශාෆික් කාසිම් මහතා අතින් විවෘත කෙරුණු අතර, එම අවස්ථාවට ඇබර්ඩීන් සමූහයේ සභාපති සත්තාර් කාසිම් මහතා සහ සමූහයේ විශ්‍රාමලත් ගරු සභාපති ඔස්මාන් කාසිම් මහතා ද සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT