කාගිල්ස්, ජාත්‍යන්තර සංවර්ධන කටයුතු සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය (USAID) ඔස්සේ එක්සත් ජනපදය සමඟ අත්වැල් බැඳගනිමින් විදත් වාහන හිමි සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීමට හැකිවන සාර්ථක ව්‍යාපෘතියකට පියවර තැබූ බව සාඩම්බරයෙන් නිවේදනය කරයි.
ඒ අනුව කොළඹ පිහිටි කාගිල්ස් වෙෙළඳසල් කිහිපයක සූර්ය බල විදුලි ආරෝපණ මධ්‍යස්ථාන (EV) ආරම්භ කිරීමට ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහන මඟින් කාගිල්ස් සහ USAID සම මූල්‍ය දායකත්වය දරා ඇත. මෙම නව්‍ය ප්‍රයත්නයෙහි මූලික අරමුණ වන්නේ ඕනෑම සමාජ ආර්ථික පසුබිමක් සහිත පුද්ගලයින් සඳහා පහසු සහ දැරිය හැකි ආකාරයේ ආරෝපණ විකල්ප සැපයීම මඟින් විශේෂයෙන්ම විද්‍යුත් වාහන සඳහා පුනර්ජනනීය බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීමය. දීපව්‍යාප්ත විද්‍යුත් ආරෝපණ මධ්‍යස්ථාන ජාලයක අවශ්‍යතාවය මෙන්ම විදත් වාහන සඳහා වන ප්‍රමිතීන් සහ ප්‍රතිපත්ති වඩා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද මැනවින් හඳුනා ගනිමින් USAID ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහන රජයේ සහ පෞද්ගලික අංශයේ අදාළ ආයතන සමඟ අත්වැල් බැඳගනිමින් තිරසර E – mobility තත්ත්වයක් අත්පත් කර ගැනීම දක්වා ක්‍රියා කරනු ඇත.
බලශක්ති සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම, ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සහ දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීම අරමුණු කොට ගෙන කාගිල්ස් මෙම වැඩසටහන සමඟ එක්වේ.
2024 මාර්තු 21 වන දින බෞද්ධාලෝක මාවතේ කාගිල්ස් ෆුඩ් සිටිහි පැවති සමාරම්භක උත්සවයේ දී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මෙම ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත්කළ සහයෝගිතා ප්‍රයත්නය ඇගයීමට ලක් කරමින් “සංවර්ධන අභියෝගවලට විසඳුම් සෙවීමේදී පුද්ගලික අංශයේ සහයෝගය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ නිසා මෙම ව්‍යාපෘතිය වගේම අනෙකුත් අංශයන්ගෙන්ද එක්සත් ජනපදය සමඟ ඇති ප්‍රබල හවුල්කාරීත්වය වෙනුවෙන් කාගිල්ස් වෙත මගේ කෘතඥතාවය පළකිරීමට ලැබීම ගැන මම සතුටට පත්වෙනවා” යැයි පැවසුවාය.