Home » ඩී.එස්. සහ තර්ස්ටන් ජයග්‍රාහී ආරම්භයක
ආරා­ධිත පාසල් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය

ඩී.එස්. සහ තර්ස්ටන් ජයග්‍රාහී ආරම්භයක

by damith
April 6, 2024 1:15 am 0 comment

ඉෂානි යද්දෙහි
කණ්ඩා­යම් පහේ නාය­කයෝ කුස­ලා­නය සමඟ

කෝඩ්ඩ­මු­ණෙයි ක්‍රීඩා සමා­ජය (KSC) සහ කෝඩ්ඩ­මු­ණෙයි ක්‍රීඩා ගම්මා­නය (KSV) එක්ව පළමු වරට සංවි­ධා­නය කරන කණ්ඩා­යම් 5ක් සහ­භාගි වන ආරා­ධිත පාසල් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ පළමු දිනයේ ජය ලැබී­මට කොළඹ ඩී.එස්. සේනා­නා­යක සහ කොළඹ තර්ස්ටන් විදු­හල් සමත් විය.

මඩ­ක­ල­පුව කෝඩ්ඩ­මු­ණෙයි ක්‍රීඩා ගම්මා­න­යේදී පැවැ­ත්වෙන මෙම තර­ගා­ව­ලි­යට දිව­යිනේ පළමු පෙළ ක්‍රීඩා කරන කොළඹ ඩී.එස්. සේනා­නා­යක, මොර­ටුව වේල්ස් කුමර, ගාල්ල මහින්ද, කොළඹ තර්ස්ටන් විදු­හල් සමඟ ඒකා­බද්ධ කණ්ඩා­යම (නැඟී එන ක්‍රීඩ­ක­යන්ගේ වැඩ­ස­ට­හන) එක්ව සිටිති. ලීග් ක්‍රම­යට පැවැ­ත්වෙන මේ තර­ගා­ව­ලියේ පළමු වටය අද නිමා වීමට නිය­මිත අතර, ලකුණු සට­හනේ පෙර­මුණ ගන්නා කණ්ඩා­යම් අව­සන් තර­ග­යට සුදු­සු­කම් ලබයි. අංක 3 සහ 4 හිමි කර ගන්නා කණ්ඩා­යම් තෙවැනි ස්ථානය සඳහා වූ තර­ග­යට සුදු­සු­කම් ලබනු ඇත. පළමු දිනයේ පැවති තර­ග­ය­කදී කොළඹ ඩී.එස්. සේනා­නා­යක විදු­හල විසින් ගාල්ල මහින්ද විදු­හල කඩුලු 8කින් පැර­දවූ අතර, අනෙක් තර­ග­යේදී කොළඹ තර්ස්ටන් විදු­හල හමුවේ මොර­ටුව වේල්ස් කුමර විදු­හල කඩුලු 6කින් පරා­ජය විය.

තර්ස්ටන් පිලට එරෙ­හිව රිවිත් ජය­සූ­රිය (වේල්ස් කුමර) නොදැවී ලකුණු 95ක් රැස් කළේය. ගවිරු සෙන්හස් (ඩී.එස්.) සහ තනුජ රාජ­පක්ෂ (තර්ස්ටන්) පිත්තෙන් දස්කම් දක්ව­මින් අර්ධ ශතක රැස් කළහ.

කොළඹ ඩී.එස්. සේනා­නා­යක විද්‍යා­ල­යට කඩුලු 8ක ජයක්

ගාල්ල මහින්ද – 99 (ඕවර 19.5) කවීෂ ගිත්මාල් 24 (දැහැම් නිර්මාල් 14/3, ෂනාල් බිනුෂ්ක 11/2, අක්මාල් ෆස්ලි 15/2)

කොළඹ ඩී.එස්. සේනා­නා­යක – 102/2 (ඕවර 13.4) ගවිරු සෙන්හස් 54, පෙසඳු වීර­සිංහ නොදැවී 36 (කවීෂ ගිත්මාල් 7/2)

තර්ස්ටන් විද්‍යා­ලය කඩුලු 6කින් ජය­ගනී

මොර­ටුව වේල්ස් කුමර – 159/6 (ඕවර 20) රිවිත් ජය­සූ­රිය නොදැවී 95, සුවස් ප්‍රනාන්දු 39 (හරිත් ශාලක 5/2)

තර්ස්ටන් – 162/4 (ඕවර 16.5) තනුජ රාජ­පක්ෂ 50, විහස් තෙව්මික නොදැවී 30, ඩිනාල් ඉඳු­වර 24, මුලිත ද කොස්තා 20 (මතීෂ අපෝන්සු 29/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT