තායිලන්තයේ පැවති ජාත්‍යන්තර තායි සටන් කලා තරගාවලියේදී පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සම්පත් ජයසිංහ සහ කුමුදු ප්‍රසන්න සමත් වූහ.
එහිදී සම්පත් ජයසිංහ කිලෝග්‍රෑම් 51න් පහළ ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් අතර, කුමුදු ප්‍රසන්න කිලෝග්‍රෑම් 63.5න් පහළ ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
තායිලන්තයේ ෆුකෙට් පළාත් පරිපාලන, සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ සංස්කෘතික අමාත්‍යාංශයේ සහාය ඇතිව කෘ මුයිතායි සංගමය විසින් සංවිධාන කළ මේ ජාත්‍යන්තර තායි සටන් කලා ක්‍රීඩා උලෙළට රටවල් 51ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 600කට අධික පිරිසක් එක්වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දුෂාන්ත පෙරේරා මහතා කටයුතු කළ අතර, VMD උපදේශක ව්‍යාපාරයේ සභාපති වජිර ධනපාල මහතා මේ කණ්ඩායමට තරගාවලියට එක්වීම සඳහා අවශ්‍ය අනුග්‍රහය ලබා දී තිබිණි.
2021දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් මුයිතායි ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස ද නිල වශයෙන් පිළිගැනීම සිදු විය.