Monday, April 21, 2025
Home » සම්පත්-කුමුදු තායි­ල­න්ත­යේදී පද­ක්කම් දිනති

සම්පත්-කුමුදු තායි­ල­න්ත­යේදී පද­ක්කම් දිනති

by damith
April 6, 2024 1:18 am 0 comment

ඩී. මිහි­ඳු­කුල කොච්චි­කඩේ

තායි­ල­න්තයේ පැවති ජාත්‍ය­න්තර තායි සටන් කලා තර­ගා­ව­ලි­යේදී පද­ක්කම් දිනා ගැනී­මට ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කළ සම්පත් ජය­සිංහ සහ කුමුදු ප්‍රසන්න සමත් වූහ.

එහිදී සම්පත් ජය­සිංහ කිලෝ­ග්‍රෑම් 51න් පහළ ඉස­ව්වෙන් රිදී පද­ක්කම දිනා­ගත් අතර, කුමුදු ප්‍රසන්න කිලෝ­ග්‍රෑම් 63.5න් පහළ ලෝකඩ පද­ක්කම දිනා ගත්තේය.

තායි­ල­න්තයේ ෆුකෙට් පළාත් පරි­පා­ලන, සංචා­රක හා ක්‍රීඩා අමා­ත්‍යාං­ශය සහ සංස්කෘ­තික අමා­ත්‍යාං­ශයේ සහාය ඇතිව කෘ මුයි­තායි සංග­මය විසින් සංවි­ධාන කළ මේ ජාත්‍ය­න්තර තායි සටන් කලා ක්‍රීඩා උලෙ­ළට රට­වල් 51ක ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ 600කට අධික පිරි­සක් එක්වූහ.

ශ්‍රී ලංකා කණ්ඩා­යමේ ප්‍රධාන පුහු­ණු­කරු ලෙස දුෂාන්ත පෙරේරා මහතා කට­යුතු කළ අතර, VMD උප­දේ­ශක ව්‍යාපා­රයේ සභා­පති වජිර ධන­පාල මහතා මේ කණ්ඩා­ය­මට තර­ගා­ව­ලි­යට එක්වීම සඳහා අවශ්‍ය අනු­ග්‍ර­හය ලබා දී තිබිණි.

2021දී ජාත්‍ය­න්තර ඔලි­ම්පික් කමි­ටුව (IOC) විසින් මුයි­තායි ඔලි­ම්පික් ක්‍රීඩා­වක් ලෙස ද නිල වශ­යෙන් පිළි­ගැ­නීම සිදු විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT