Home » කාන්තා තුන්කොන් තර­ගා­ව­ලියේ පළමු එක්දින තර­ග­යෙන් ඔස්ට්‍රේ­ලි­යා­වට ජය

කාන්තා තුන්කොන් තර­ගා­ව­ලියේ පළමු එක්දින තර­ග­යෙන් ඔස්ට්‍රේ­ලි­යා­වට ජය

by damith
April 6, 2024 1:19 am 0 comment

ප්‍රින්ස් ගුණ­සේ­කර ගාලු ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණයේ සිට...

ශ්‍රී ලංකා, ඔස්ට්‍රේ­ලියා සහ එංග­ලන්ත අවු­රුදු 19න් පහළ කාන්තා කණ්ඩා­යම් සහ­භා­ගි­ත්ව­යෙන් පැවැ­ත්වෙන එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ ඊයේ පැවති ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේ­ලි­යාව අතර පළමු තර­ග­යෙන් ලකුණු 88ක ජයක් ඔස්ට්‍රේ­ලි­යාව හිමි­කර ගත්තේය.

ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණයේ ඊයේ පැවති තර­ගයේ කාසියේ වාසිය දිනා­ගත් ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රීඩි­කාවෝ මුලින් පන්දු­වට පහර දී සියලු දෙනා දැවී ලකුණු 228ක් ලබා­ගත් අතර, පිළි­තුරු ඉනිම හඹා­ගිය ශ්‍රී ලංකා ක්‍රීඩි­කාවෝ සියලු දෙනා ලකුණු 140කට දැවී ගියහ.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩා­ය­මක් කාන්තා ක්‍රිකට් ඉති­හා­සයේ ඕවර 50 එක්දින ක්‍රිකට් තර­ග­ය­කට සහ­භාගි වූ පළමු අව­ස්ථාව මෙය වීම විශේ­ෂ­ත්ව­යකි. මේ තර­ග­යෙන් ශ්‍රී ලංකා පිල පරා­ජ­යට පත් වුවද කාන්තා ක්‍රිකට් නැංවීම උදෙසා මෙවැනි ජාත්‍ය­න්තර තරග අත්දැ­කීම් ලබා ගැනීමේ අව­ස්ථාව සලසා දීම ක්‍රිකට් ක්‍රීඩා­වට යහ­ප­තක් වනු ඇත.

මේ තර­ග­යේදී ශ්‍රී ලංකා­වට ප්‍රබල තර්ජ­න­යක් ගෙන දුන් ඔස්ට්‍රේ­ලියා 19න් පහළ ක්‍රීඩිකා බොනී බෙරී මුල් කඩුලු තුනම ලකුණු 16ක් වෙද්දී දවා ගැනී­මෙන් ශ්‍රී ලංකා පිල අසී­රු­තා­වට ලක් වූවේය. ගාලු කොටු පවුර අන්ත­යෙන් ආර­ම්භක වේග පන්දු යැවූ බෙනී බෙරීට යම් දුර­කට හෝ සාර්ථක ලෙස මුහුණ දුන්නේ ශ්‍රී ලංකා ආර­ම්භක පිති­කා­රි­නිය වූ සන්ජනා කාවින්දි පමණි. සන්ජනා පන්දු 94කදී හතරේ පහර 6ක් සමඟ ලකුණු 54ක් ලබා ගැනී­මට සමත් වූ අතර, නායිකා මනුදි නානා­ය­ක්කාර ලකුණු 10ක් ලබා සිටි­යදී දැවී ගියාය. ලකුණු 8ක් තුළ ශ්‍රී ලංකා පිලේ කඩුලු 3ක් බිද වැටී තිබි­යදී අව­සන් කඩු­ල්ලට එක්වූ හිරුනි හංසිකා හා චමෝදි මුණ­සිංහ පන්දු 49කදී ලකුණු 27ක සබ­ඳ­තා­වක් ගොඩ­නැ­ඟී­මට සමත් වූහ.

ඔස්ට්‍රේ­ලියා 19න් පහළ අංක තුන පිති­කා­රිනි ලුසී හැමි­ල්ටන් පන්දු 95කදී ලකුණු 80ක් රැස් කළ අතර, ඇය හතරේ පහර 10ක් එල්ල කළේය. හැමි­ල්ටන් හා ග්‍රේස් ලයන්ස් දෙවැනි කඩු­ල්ලට පන්දු 110කදී ලකුණු 91ක් රැස් කළහ. ග්‍රේස් ලයන්ස් හතරේ පහර 5ක් සමඟ පන්දු 66කදී ලකුණු 39ක් එක් කළාය.

මේ තර­ගා­ව­ලියේ දෙවැනි තර­ගය ඔස්ට්‍රේ­ලි­යාව හා එංග­ල­න්තය අතර හෙට (7) පැවැ­ත්වෙන අතර, අව­සන් තර­ගය මේ 9 දා එංග­ල­න්තය හා ශ්‍රී ලංකාව අතර, ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

ඔස්ට්‍රේ­ලියා 19න් පහළ පිල සියලු දෙනා දැවී ලකුණු 228 (ඕවර 48.5)

ග්‍රේස් ලයන්ස් 39, ලුසී හැමි­ල්ටන් 80, එල්ලා බ්‍රිස්කෝ 27, හස්රාට් ගිල් 29, ටෙගාන් විලි­ය­ම්සන් 14, අති­රේක 16 (දෙව්මි විජේ­රත්න 43/1, චමෝදි මුණ­සිංහ 34/3, ෂශිනි ගිම්හානි 48/3, හිරුණි හංසිකා 38/2)

ශ්‍රී ලංකා 19න් පහළ පිල සියලු දෙනා දැවී ලකුණු 140 (ඕවර 44)

සන්ජනා කාවින්දි 54, මනුදි නානා­ය­ක්කාර 10, රශ්මි නේත්‍රාං­ජලී 16, හිරුනි හංසිකා නොදැවී 22, චමෝදි මුණ­සිංහ 7, අති­රේක 19 (බොනී බෙරී 19/3, ලූසී හැමි­ල්ටන් 18/3, හස්රාට් ගිල් 18/1, මැගී ක්ලාක් 10/1, එල්ලා බ්‍රිස්කෝ 14/1, ටෙගාන් විලි­ය­ම්සන් 9/1)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT