Home » එන්එ­ස්එල් පිටි­යේදී ගාල්ලෙන් වාර්තා­ගත ලකුණු පුව­රු­වක්

එන්එ­ස්එල් පිටි­යේදී ගාල්ලෙන් වාර්තා­ගත ලකුණු පුව­රු­වක්

පසිඳු සූරි­ය­බ­ණ්ඩා­ර­ගෙන් හොඳම ඉනිම

by damith
April 6, 2024 1:20 am 0 comment

නිරෝ­ෂාන් ප්‍රියං­කර

එන්එ­ස්එල් සිව්දින ක්‍රිකට් තර­ගා­ව­ලි­යේදී වාර්තා­ගත ලකුණු පුව­රු­වක් නිර්මා­ණය කිරී­මට ගාල්ල කණ්ඩා­යම සමත් විය.

කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී යාප­නය කණ්ඩා­ය­මට එරෙ­හිව පැවැ­ත්වෙන මේ තර­ගය දෙවැනි දින­යට නතර කරන විට ගාල්ල කණ්ඩා­යම පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 711ක් රැස් කර තිබිණි. මෙය වසර 16කට පසුව ශ්‍රී ලංකා කණ්ඩා­ය­මක් පළමු පෙළ තර­ග­යක වාර්තා කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය සට­හන් වෙයි. මින් පෙර දකුණු අප්‍රි­කානු ‘ඒ’ පිලට එරෙ­හිව 2008 වසරේ පොච්ෆ්ස්ට්රූ­ම්හිදී පැවති නිල නොවන සිව්දින ටෙස්ට් තර­ග­යේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු 749 ඉහ­ළම පළමු පෙළ ඉනිම ලෙස සට­හන් වෙයි.

මේ තර­ගයේ ගාල්ල පළමු ඉනි­මේදී සිය පළමු පෙළ ක්‍රිකට් තරග දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කිරී­මට 24 හැවි­රිදි පසිඳු සූරි­ය­බ­ණ්ඩාර ඊයේ සමත් විය. ඔහු ලකුණු 242ක් රැස් කළ අතර, පන්දු 346කින් ගොඩ­නැ­ඟූණු ඔහුගේ ඉනිම හතරේ පහර 17කින් වර්ණ­වත් විය.

කොළඹ රාජ­කීය විදු­හ­ලෙන් ක්‍රිකට් පිටි­යට පිවිසි පසිඳු ඊයේ රැස් කළේ දෙවැනි පළමු පෙළ ද්විත්ව ශත­කය වන අතර, ඉන් පෙර පසු­ගිය වසරේ පැවති එන්එ­ස්එල් සිව්දින තර­ගා­ව­ලියේ අව­සන් පූර්ව තර­ග­ය­කදී මහ­නු­වර පිලට එරෙ­හිව ගාල්ල පිල නියෝ­ජ­නය කර­මින් ඔහු ලකුණු 214 රැස් කර තිබිණි. ඒ පන්දු 341කදී හතරේ 18ක් සම­ඟිනි.

පසි­ඳුට අනගි සහා­යක් දුන් ලක්ෂාන් එදි­රි­සිංහ ලකුණු 122ක් වාර්තා කළ අතර, දෙදෙනා එක්ව සිව්වැනි කඩු­ල්ලට ලකුණු 250ක සබ­ඳ­තා­වක් පිහි­ටු­වූහ. අන­තු­රුව පසිඳු සමඟ එක්ව 5 වැනි කඩු­ල්ලට ලකුණු 135ක් එක් කිරී­මට විෂාද් රන්දික (66) සමත් විය.

මේ තර­ග­යේදී යාප­නය පන්දු යව­න්නන් අති­රේක ලකුණු 62ක් ලබා­දුන් අතර, එය පළමු පෙළ තර­ග­ය­කදී කණ්ඩා­ය­මක් ලබා­දුන් තෙවැනි ඉහ­ළම අති­රේක ලකුණු සංඛ්‍යා­වයි. 1998/99 පළමු පෙළ තර­ගා­ව­ලි­යේදී පාණ­දුර කණ්ඩා­යම විසින් සීසීසී පිලට ලකුණු 69ක්, 1999/00 තර­ගා­ව­ලි­යේදී එස්එස්සි පිල විසින් ගාල්ල කණ්ඩා­ය­මට ලකුණු 64ක් ලබාදී තිබේ.

ගාලු පළමු ඉනිම – 711/9 (ඕවර 172) පසිඳු සූරි­ය­බ­ණ්ඩාර 242, ලක්ෂාන් එදි­රි­සිංහ 122, විෂාද් රන්දික 66, ශෙහාන් ප්‍රනාන්දු 56, සංගීත් කුරේ 49, අති­රේක 62 (ජනිත් ලිය­නගේ 86/2, කල්හාර සේනා­රත්න 145/2)

මහ­නු­වර ලකුණු 225ක් ඉදි­රි­යෙන්

මේ අතර දඹුල්ලේ පැවැ­ත්වෙන තර­ගය දෙවැනි දින­යට නතර කරන විට දඹුලු පළමු ඉනි­මට වඩා ලකුණු 225ක් ඉදි­රි­යෙන් සිටී­මට මහ­නු­වර ක්‍රීඩ­කයෝ සමත්ව සිටියේ කඩුලු 6ක් ද අතැ­ති­වය.

මේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් මහ­නු­වර පිල පළමු ඉනිම වෙනු­වෙන් රැස් කළ ලකුණු 276ට පිළි­තුරු ලෙස දඹුලු ක්‍රීඩ­ක­යන්ට ලබා­ගත හැකි වූයේ ලකුණු 207ක් පමණි. ඒ අනුව ලකුණු 69ක් ඉදි­රි­යෙන් දෙවැනි ඉනිම ඇරඹූ මහ­නු­වර පිල ඊයේ තර­ගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 156ක් රැස් කර තිබිණි.

සිතාර ගිම්හාන ලකුණු 58ක් රැස් කළ අතර, රවීන් යසස් ලකුණු 17ක් රැස් කර­මින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි­යේය.

පළමු දිනය නිමා­වන විට කඩුලු 3ක් දැවී ලකුණු 60ක් ලබා සිටි දඹුලු පිලට ඊයේ තවත් එක්ක­ර­ගත හැකි වූයේ ලකුණු 147ක් පමණි. ලකුණු 42ක් රැස් කළ රිසිර වීර­සූ­රිය ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භියා වූ අතර, පන්දු යැවී­මේදී සිතුම් දිසා­නා­යක සහ නිම්සර අත­ර­ගල්ල කඩුලු 3 බැගින් දවා ගත්හ.

මහ­නු­වර පළමු ඉනිම – 276 (ඕවර 72.4) අහන් වික්‍ර­ම­සිංහ 64, රොෂාන් ජය­තිස්ස 50 (ලක්ෂාන් ගමගේ 19/3, මුර්වින් අබි­නාෂ් 40/2, මොහො­මඩ් ශිරාස් 49/2) සහ දෙවැනි ඉනිම – 156/4 (ඕවර 42.2) සිතාර ගම්හාන 58 (සොනාල් දිනූෂ 16/2)

දඹුල්ල පළමු ඉනිම – 207 (ඕවර 58.5) (සිතුම් දිසා­නා­යක 43/3, නිම්සර අත­ර­ගල්ල 53/3, රොෂාන් ජය­තිස්ස 36/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT