329
පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයීය ක්‍රීඩා උළෙල ඊයේ ( 05 ) දින සිකුරාදා සාර්ථක ලෙස නිමාවට පත්විය.
කීර්ති ,නිර්මල සහ දීප්ති යන නිවාස තුනෙහි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එහිදී තරග වැදුනහ. විද්‍යාලයීය විදුහල්පති මව්තුමිය වන ගරු මාධවී ඉලංගසිංහ පැවිදි සොයුරියගේ උපදෙස් පරිදි මෙය සංවිධානය කෙරිණි.
ගරු ජූඩ් ෆ්‍රීලි මුතුකුඩආරච්චි පියතුමන්, කීර්තිමත් ආදි ශිෂ්‍ය තිලක් ගුරුගේ ඇතුළු ආරධිත අමුත්තන් රැසක් ඊට සහභාගි වූහ.
මෙහිදී දීප්ති නිවාසය ලකුණු 419.5ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානය හිමි කර ගත්තේය.
දෙවැනි ස්ථානය නිර්මල නිවාසයට ද තුන්වන ස්ථානය කීර්ති නිවාසයට ද හිමි විය.