Home » මොරටු සර­ස­වියේ හාලි­ඇළ සිසුවා බෝඩිං කාම­රේදී හදි­සියේ මරුට

මොරටු සර­ස­වියේ හාලි­ඇළ සිසුවා බෝඩිං කාම­රේදී හදි­සියේ මරුට

by damith
April 6, 2024 1:15 am 0 comment

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ, ගල්කිස්ස - ෂෙහාන් ජය­ව­ර්ධන

මොර­ටුව විශ්ව­වි­ද්‍යා­ලයේ සිසු­වකු තාව­කා­ලි­කව නවා­තැන් ගෙන සිටින කාම­රේදී හදි­සියේ රෝගා­තු­රව පිළි­ය­න්දල දිසා රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රු­වම මිය­ගොස් ඇතැයි පිළි­ය­න්දල පොලි­සිය කියයි.

මෙලෙස මිය­ගොස් ඇත්තේ මොර­ටුව, මෝල්පේ, ජය­මා­වත ප්‍රදේ­ශයේ තාව­කා­ලි­කව පදිං­චිව සිටි හාලි­ඇළ, උණු­ගො­ල්ල­වත්ත, අඟු­රු­මලේ කොටසේ පදිං­චිව සිටි සතා­සි­වම් විනෝද් නමැති වාස්තු විද්‍යා පීඨයේ අව­සන් වසරේ අධ්‍යා­ප­නය ලැබූ සිසු­වෙකි.

මිය­ගිය සිසුවා තවත් සිසුන් හය දෙනකු සමඟ බෝඩිං කාම­රයේ නවා­තැන් ගෙන සිටින අතර මධ්‍යම රාත්‍රී 12.30ට පමණ තවත් මිතු­රන් දෙදෙ­නකු සමඟ බෝඩිම ආස­න්නයේ ආප­ණ­ශා­ලා­ව­කට ගොස් කිරි තේ පානය කර විනාඩි පහ­ළො­ව­කින් පමණ බෝඩිම කරා පැමිණ ඇති බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත. මඳ වේලා­ව­කදී සිසුවා ඔහුගේ ඇඳ මත ජංගම දුර­ක­ත­නය ක්‍රියා­ත්මක කර­මින් සිට ඇති අතර, එක්ව­රම ඔහුගේ අතක් වෙව්ලන අයුරු අනෙක් සිසුන් දෙදෙනා දැක තිබූ බව පොලි­සිය කියයි. ඔවුන් එම අතට යකඩ කැබැ­ල්ලක් දුන්නද ඒ රෝගී තත්ත්වය අඩු නොවීම හේතු­වෙන් වහා ක්‍රියා­ත්මක වූ මිතු­රන් ඔහුව පිළි­ය­න්දල දිසා රෝහ­ලට රැගෙන විත් තිබූ අතර, ඒ වන විටත් සිසුවා මිය­ගොස් තිබූ බව පොලි­සිය කියයි.

කැස්බෑව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ ස්ථිර හදිසි මරණ පරී­ක්ෂක අජිත් විජේ­සිංහ මහතා පිළි­ය­න්දල රෝහලේ මෘත ශරී­රා­ගා­රය වෙත පැමිණ මළ සිරුර පරීක්ෂා කිරී­මෙන් අන­තු­රුව මූලික විම­ර්ශන පවත්ව මරණ පරී­ක්ෂ­ණය සඳහා මළ සිරුර කළු­බෝ­විල ශික්ෂණ රෝහල කරා රැගෙන යන ලෙස පිළි­ය­න්දල පොලි­සි­යට නියෝග කළේය. පිළි­ය­න්දල පොලි­සියේ ස්ථානා­ධි­පති (ප්‍ර.පො.ප) දිනේෂ් අත්ත­ර­ගම මහ­තාගේ උප­දෙස් මත මොර­ටු­මුල්ල පොලි­සියේ (උ.පො.ප) සම­ර­සිංහ (පො.සැ) 52351 කින්ස්ලි මහ­ත්වරු පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT