Home » වෛද්‍ය සැප­යුම් අධ්‍යක්ෂ රිමාන්ඩ් නියෝ­ග­යට අතුරු තහ­න­මක් පන­ව­න­වාද-නැද්ද නියෝ­ගය 9 දා
ප්‍රමි­ති­යෙන් තොර එන්නත් මිලට ගැනීමේ නඩුව:

වෛද්‍ය සැප­යුම් අධ්‍යක්ෂ රිමාන්ඩ් නියෝ­ග­යට අතුරු තහ­න­මක් පන­ව­න­වාද-නැද්ද නියෝ­ගය 9 දා

by damith
April 6, 2024 1:17 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

ප්‍රමි­ති­යෙන් තොර ‘හියු­මන් ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින්’ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය වෛද්‍ය සැප­යුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍ර­ම­නා­යක මහතා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රා­ත්ව­රිය කර ඇති නියෝ­ගය ක්‍රියා­ත්මක වීම වළ­ක්වන අතුරු තහ­නම් නියෝ­ග­යක් නිකුත් කර­න­වාද නැද්ද යන්න පිළි­බඳ නියෝ­ගය ලබන 9 දා ප්‍රකාශ කිරී­මට අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ඊයේ (5) තීර­ණය කළේය.

තමා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය දුන් නියෝ­ගය බල රහිත කරන ලෙස ඉල්ලා එම වෛද්‍ය­ව­රයා විසින් ගොනු කර ඇති පෙත්සම සම්බ­න්ධ­යෙන් ඉදි­රි­පත් කළ කරුණු සැල­කි­ල්ලට ගැනී­මෙන් අන­තු­රුව මේ බව ප්‍රකාශ කරන ලදි.

මේ රිට් පෙත්සම අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු ඩී.එන්. සම­ර­කෝන් මහතා හමුවේ සලකා බැලිණි. වෛද්‍ය සැප­යුම් අධ්‍යක්ෂ වෙද්‍ය කපිල වික්‍ර­ම­නා­යක මහතා විසින් ගොනු කොට ඇති පෙත්සම් වග­උ­ත්ත­ර­ක­රු­වන් හැටි­යට පොලි­ස්ප­ති­ව­රයා, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ සහ මාලි­ගා­කන්ද මහේ­ත්‍රා­ත්ව­රිය ඇතුළු පිරි­සක් මෙහි වග­උ­ත්ත­ර­ක­රුවෝ වෙති.

ප්‍රමි­ති­යෙන් තොර හියු­මන් ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින් එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් තමා ඇතුළු පිරි­සක් අත්අ­ඩං­ගු­වට ගෙන රිමාන්ඩ් භාර­යට පත් කරන ලද බව පෙත්ස­මෙහි සඳ­හන් වේ. මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් තමා කිසිදු සම්බ­න්ධ­යක් නැති බවද තමාට ඉහ­ළින් ලැබෙන නියෝග අනුව තමා කට­යුතු කළ බව පෙත්ස­ම්කරු කියයි. එබැ­වින් රාජ්‍ය දේපළ අව­භා­වි­තය සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන රිමාන්ඩ් භාර­යට පත් කිරීම සම්පූ­ර්ණ­යෙන් නීති­යට පට­හැනි බව පෙත්ස­ම්කරු පෙන්වා පෙන්වා දී ඇත. එබැ­වින් පොදු දේපළ පනත යටතේ තමන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත පත් කිරී­මට මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රා­ත්ව­රිය විසින් කර ඇති නියෝ­ගය බල රහිත කරන රිට් ආඥා­වක් නිකුත් කරන ලෙසද පෙත්ස­ම්කාර වෛද්‍ය­ව­රයා සිය පෙත්සම මඟින් ඉල්ලා ඇත.

නීතිඥ සනත් විජේ­ව­ර්ධන මහ­තාගේ උප­දෙස් පරිදි ජනා­ධි­පති නීති­ඥ­ව­රුන් වන සරත් ජය­මාන්න සහ රොමේෂ් ද සිල්වා මහ­ත්වරු පෙත්ස­ම්කරු වෙනු­වෙන් පෙනී සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT