Home » ප්‍රසංග ශාලා­වේදී මුදල් නෝට්ටු වීසි­කළ නයි­ජී­රි­යාවේ ටික් ටොක් රැජන අත්අ­ඩං­ගු­වට

ප්‍රසංග ශාලා­වේදී මුදල් නෝට්ටු වීසි­කළ නයි­ජී­රි­යාවේ ටික් ටොක් රැජන අත්අ­ඩං­ගු­වට

by damith
April 6, 2024 1:15 am 0 comment

නයි­ජී­රි­යාවේ සමාජ මාධ්‍ය­ජාලා අතර ජන­ප්‍රිය චරි­ත­යක් වන බොබ්රිස්කි නමැති කාන්තාව පසු­ගි­යදා ලාගොස් නුවර පැවැති චිත්‍ර­පට මංගල දර්ශ­න­යක් අත­ර­තුර මුදල් නෝට්ටු වීසි කිරීම හේතු­වෙන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලිංගික සංක්‍රා­න්ති­ය­කින් කාන්තා­වක් බවට පත්වූ එම පුද්ග­ල­යාගේ සැබෑ නම ඉද්රිස් ඔකු­නේයේ බව ද වාර්තා වේ. චිත්‍ර­පට දර්ශ­නය අත­ර­තුර පැවති සංගීත ප්‍රසං­ග­යේදී ඇය නයිරා මුදල් නෝට්ටු විශාල ප්‍රමා­ණ­යක් ශාලාව තුළ වීසි­ක­රන අයුරු දැක්වෙන වීඩියෝපට එරට සමාජ මාධ්‍ය­ජාලා අතර වැඩි අව­ධා­න­යට ලක් වී තිබේ.

නයි­ජී­රි­යාවේ විවාහ සහ වෙනත් උත්ස­ව­ව­ල දී මුදල් නෝට්ටු වීසි කිරීම සුලබ දසු­නක් වූව ද, බොබ්රිස්කි අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ එම අව­ස්ථාවේ ශාලාවේ සිටි අයගේ දෙපා­ව­ලට එම මුදල් නෝට්ටු පෑගී­මෙන් එය අව­භා­විත වූ බවට නැඟුණු චෝද­නාව හේතු­වෙන් බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT