Home » වසර 2023දී ඉන්දි­යාව ජංගම දුර­ක­තන ක්‍රීඩා යෙද­වුම් බිලි­යන 9.5ක් බාගත කරලා

වසර 2023දී ඉන්දි­යාව ජංගම දුර­ක­තන ක්‍රීඩා යෙද­වුම් බිලි­යන 9.5ක් බාගත කරලා

by damith
April 6, 2024 1:16 am 0 comment

ගෝලීය ජංගම දුර­ක­තන ක්‍රීඩා ක්ෂේත්‍රයේ ආධි­පත්‍ය මේ වන වන ඉන්දි­යාව සතු­වන බව එම ක්ෂේත්‍රයේ ප්‍රමු­ඛ­තම පර්යේ­ෂණ ආය­ත­න­යක් වන රොබස්ට් ෆන්ඩ­මෙ­න්ටල්ස් සමා­ගම නිවේ­ද­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සමා­ගම විසින් නිකුත් කරනු ලැබූ වාර්තා­ව­කට අනුව පසු­ගිය වස­රේදී එරට ජංගම දුර­ක­තන ක්‍රීඩා පරි­ශී­ල­ක­යන්ගේ සංඛ්‍යාව මිලි­යන 568ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එම වස­රේදී ක්‍රීඩා යෙද­වුම් ප්‍රමා­ණය බිලි­යන 9.5ක් බාගත කිරීම් කර ඇත. ඒ අනුව ඉන්දි­යාව ලොව විශා­ල­තම ජංගම දුර­ක­තන ක්‍රීඩා වෙළෙ­ඳ­පොළ බවට ද පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ලොව ජංගම දුර­ක­තන ක්‍රීඩා යෙද­වුම් බාගත කිරීම් ප්‍රමා­ණ­යෙන් 20% කට ඉන්දි­යාව හිමි­කම් කියන බවත්, එය ඊට පහ­ළින් දෙවැනි හා තුන්වැනි ස්ථානයේ පසු­වන අමෙ­රි­කාව සහ බ්‍රසී­ලය රට­වල සම්පූර්ණ ක්‍රීඩා යෙද­වුම් බාගත කිරී­ම්ව­ලට වඩා වැඩි ප්‍රමා­ණ­යක් බවත් රොබස්ට් ෆන්ඩ­මෙ­න්ටල්ස් වාර්තා­වෙන් වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT