ගෝලීය ජංගම දුරකතන ක්‍රීඩා ක්ෂේත්රයේ ආධිපත්‍ය මේ වන වන ඉන්දියාව සතුවන බව එම ක්ෂේත්රයේ ප්‍රමුඛතම පර්යේෂණ ආයතනයක් වන රොබස්ට් ෆන්ඩමෙන්ටල්ස් සමාගම නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සමාගම විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවකට අනුව පසුගිය වසරේදී එරට ජංගම දුරකතන ක්‍රීඩා පරිශීලකයන්ගේ සංඛ්‍යාව මිලියන 568ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එම වසරේදී ක්‍රීඩා යෙදවුම් ප්‍රමාණය බිලියන 9.5ක් බාගත කිරීම් කර ඇත. ඒ අනුව ඉන්දියාව ලොව විශාලතම ජංගම දුරකතන ක්‍රීඩා වෙළෙඳපොළ බවට ද පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ලොව ජංගම දුරකතන ක්‍රීඩා යෙදවුම් බාගත කිරීම් ප්‍රමාණයෙන් 20% කට ඉන්දියාව හිමිකම් කියන බවත්, එය ඊට පහළින් දෙවැනි හා තුන්වැනි ස්ථානයේ පසුවන අමෙරිකාව සහ බ්‍රසීලය රටවල සම්පූර්ණ ක්‍රීඩා යෙදවුම් බාගත කිරීම්වලට වඩා වැඩි ප්‍රමාණයක් බවත් රොබස්ට් ෆන්ඩමෙන්ටල්ස් වාර්තාවෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.