Monday, April 21, 2025
Home » ගාසා තීරයේ සහන සේව­ක­යන්ට මරු කැඳවූ ප්‍රහා­ර­යට ඊශ්‍රා­යල හමු­දාව සමාව ඉල්ලයි

ගාසා තීරයේ සහන සේව­ක­යන්ට මරු කැඳවූ ප්‍රහා­ර­යට ඊශ්‍රා­යල හමු­දාව සමාව ඉල්ලයි

හමු­දාවේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීහු දෙදෙ­නෙ­කුත් සේව­යෙන් දොට්ට

by damith
April 6, 2024 1:19 am 0 comment

ගාසා තීරයේ යුද ගැටුම් හේතු­වෙන් පීඩා­වට පත්ව සිටින පල­ස්තීන ජන­තා­වට ආහාර බෙදා දෙන ජාත්‍ය­න්තර සහ­නා­ධාර ආය­ත­න­යක සේව­ක­යන් 7 දෙනකු මෝටර් රථ­ය­කින් ගමන් කර­මින් සිටි­යදී ඊශ්‍රා­යල ප්‍රහා­ර­ය­කින් ජීවි­ත­ක්ෂ­යට පත්වීම හේතු­වෙන් ඊශ්‍රා­යල හමු­දාවේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන් දෙදෙ­නකු සේව­යන් පහ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය ආය­ත­නයේ සේව­ක­යන් ගමන් ගත් මෝටර් රථ­යට ප්‍රහා­රය එල්ල වූයේ ඊශ්‍රා­යල ආර­ක්ෂක හමු­දාව වෙතින් බවට එම ආය­ත­නයේ ප්‍රධා­නියා තහ­වුරු කර තිබූ අතර, ඊශ්‍රා­යල ආර­ක්ෂක හමු­දාව කරනු ලැබූ පරී­ක්ෂ­ණ­ය­කින් පසුව එම නිල­ධා­රීන් දෙදෙනා සේව­යෙන් ඉවත් කිරී­මට පිය­වර ගෙන ඇතැයි වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

ඊශ්‍රා­ය­ලය එම පිය­වර ගැනීමට පෙර පසු­ගි­යදා දෙපා­ර්ශ්වය අතර සාක­ච්ඡා­ව­ක්ද පැවැත්විණි. එහිදී ඊශ්‍රායලය කන­ගා­ටුව ප්‍රකාශ කළද, එය ඝාත­න­යට ලක්වූ­වන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යන් සැන­සී­මට ගත් උත්සා­හ­යක් පමණක් බව ජාත්‍ය­න්තර සහ­නා­ධාර ආය­ත­නය ප්‍රකාශ කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT