Home » දියේ ගිලී විදෙස් ජාතිකයෙක් මරුට

දියේ ගිලී විදෙස් ජාතිකයෙක් මරුට

by yasara
April 6, 2024 10:18 am 0 comment

හික්කඩුව නගර ආසන්නයේ මුහුදු තීරයේ දිය නාමින් සිටි වි‍දෙස් ජාතික‍යෙකු දියේ ගිලී මියගොස් තිබේ.

ඊයේ (05) සවස් කාලයේ මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ‌ 57 හැවිරිදි ලිතුවේනියා ජාතිකයෙකි.

මෙම විදෙස් ජාතිකයා දිය නාමින් සිටියදී දියේ ගිලි ඇති අතර එහිදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඔහුව ගොඩට ගෙන බලපිටිය රෝහලට ඇතුළු කිරීමේ දී මියගොස් තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT